Colombo Today Local News

ඊළම ඉල්ලන විජයකලා ඇමතිකමින් නෙරපා රටින් පිටුවහල් කරන්නැයි ඉල්ලයි

කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධූරයෙන් එළවා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින් ද පිටුවහල් කළ යුතු බවත් පැවසීය.

විජයකලාගේ තප්පුලෑමෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බව පැවසූ රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ දී අද (03) පැවැති ජනහමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 වැනි දා මේ රටේ බලය අල්ලන කොට ඒ අයට සහයෝගය දීපු ප්‍රධාන බලවේගවලින් එකක් තමයි දෙමළ ඩයස්පෝරාව. තවත් ප්‍රධාන බලවේගයක් වු‍ණේ කොටි හිතවාදී බටහිර රටවල්. ඒ බලවේග දෙකම මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මූලික අරමුණක් ඉටුකර ගැනීම සඳහායි.

ඒ අරමුණ තමයි 2009 මැයි මාසේ 19 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී අවසන් හුස්ම හෙළපු කොටි ත්‍රස්තවාදයට නැවත පණ පෙවීම. කොටි හිතවාදීන්ගේ උපකාර ඇතිව බලයට ආපු වර්තමාන ආණ්ඩුව ගෙවුණු වසර තුනේම කළේ මේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා පෙරළා උපකාර කිරීමයි. පසුගිය වසර තුන තුළ රට තුළ ඇති වුණ වෙනස දිහා ‍බලනකොට ඒක පැහැදිලි වෙනවා.

හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දෙනවා රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට කොහොමද විජයකලා නෝනා ඊළමක් පිහිටුවන්න කතා කරන්නේ? මම අහනවා වජිර අබේවර්ධන, තිලක් මාරපන මහත්වරුන්ගෙන් කොන්දක් කියලා නාමයක්වත් තමුන්නැහෙලට නැද්ද කියලා. කොන්දක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට විරෝධය පාලා රැස්වීමෙන් නැගිටලා එන්න තිබුණා.

ජනාධිපතිවරයා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා තවම මේ ගැන දන්නවා කියලා. මොකද එතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. ඒ හින්දා අපේ කතා පත්තරෙන් හරි කියවලා සිරිසේන මහත්තයෝ මේ ඊළාම් නෝනව ආණ්ඩුවෙන් එලවලා දාන්න.

ඒ වගේම මේ නෝනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් පක්ෂ‍යෙනුත් එලවලා දාන්න. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි කොට් පැරැද්දුවේ ආයෙත් නැගිටින්න පුළුවන් විදියට නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා දැන් මැරුණු කොටිත් නැගිටින්න අරගෙන.’

Related posts

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

නීතිපති දප්පුල විශ‍්‍රාම යෑමට පෙරදින තනතුරෙන් ඉවත් වෙනවා – සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday