Colombo Today Local News

සජිත්ගේ මැතිවරණ කමිටුව මෙන්න. රනිල්,අකිල,කබීර්,හකීම්,රිෂාඩ්, මනෝ, රාජිත, තිගාම්බරම් සහ පාඨලී

ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර යන පළාත්වල මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුකිරීමට තීරණය කර ඇත.

ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරු නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ප්‍රජාවගේ සහාය ගැනීමේ කාර්යය ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය.

මීට අමතරව ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවීම සඳහා නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාඡ්, සභාපති කබීර් හෂීම් යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරන අතර රාව්ෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පලනි තිගාම්බරම් සහ පාඨලී චම්පික රණවක යන මහත්වරු එම කමිටුවේ සාමාජිකත්වය දරති.

මේ අතර බස්‌නාහිර පළාතේ මැතිවරණය මෙහෙයවීමට රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන මහත්වරුන් පත්කර ඇත.

සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද බස්‌නාහිර පළාත් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකව කටයුතු කරති.

මධ්‍යම පළාතේ ප්‍රචාරක කටයුතු ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල සහ නවීන් දිසානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා කෑගල්ල ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නායකත්වය දීමට නියමිතය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය භාරදී ඇත්තේ මහ ලේකම් අකිල විරාඡ් මහතා වෙතය.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ කටයුතු ගයන්ත කරුණාතිලක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා රට පුරාම පැවැත්වෙන ප්‍රචාරක රැලි සඳහා සහභාගි වන අතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ කටයුතු සඳහා ද ප්‍රේමදාස මහතා සිය දායකත්වය ලබා දෙනු ඇත.

අනෙකුත් දිස්‌ත්‍රික්‌කයන්හි ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම පැවරෙන ආකාරය පිළිබඳව ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

Related posts

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday