Colombo Today Local News

ජූලි 1 සිට මැදපෙරදිග රටවල් 6 කින් මෙරටට ගොඩ බැසීම තහනම්

ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබේ.

අදාළ රටවල් වන්නේ බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානයයි.

ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ අදාළ රටවලින් කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇති.

කෙසේ වෙතත් අතරමැදි ගුවන් ගමන් සඳහා එම රටවලින් පැමිණෙන මගීන්ට මෙය බල නොපාන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

Related posts

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday