Colombo Today Local News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

වසර පහක කාලයකට නිවාඩු ගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති හිමිකමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම හිමිකම යටතේ ආචාර්යවරුන් විශාල පිරිසක් නිවාඩු අයැදුම් කිරීමට සූදානම් වීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.

අලුතින් ආරම්භ කර තිබෙන උපාධි පාඨමාලා කිහිපයකට පවා ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින බවත් වසර පහක කාලයකට තවත් ආචාර්යවරුන් නිවාඩු ලබා ගතහොත් බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදු වන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

ආචාර්යවරුන් බඳවා ගැනීම ඇතුළු විශ්වවිද්‍යාලවල පහසුකම් වෙනුවෙන් ලෝක බැංකුව කලින් එකඟතාව පළ කළ රුපියල් කෝටි තුන්සියයක මුදල ලබාදීම අත්හිටුවීම හේතුවෙන්ද දැඩි ගැටලුවකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාලවලට අලුතින් ඇතුළත් වන සිසුන් සඳහා වන පහසුකම් ඉතාම අවම මට්ටමක පවතින බවත් මහාචාර්යවරයා සදහන් කරයි.

Related posts

දැදුරු ඔයේ වාන් දොරටු අරී.. කුරුණෑගල , අනුරාධපුර ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

වතු නිවාස පේලියක් හුදකලා කෙරේ

colombotoday

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin

හමුදාවට එරෙහි අභූත චෝදනා ගැන රජය නිහඩ ඇයි? – විමල්ගෙන් ජනපතිට සැර බර ලිපියක්

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin