Colombo Today Local News

වතු නිවාස පේලියක් හුදකලා කෙරේ

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රිවත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් අද (දින) සිට හුදකලා කල බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරීක්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පවසනවා.

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී එම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමෙන් පසු එම වතුයායේ පවුල් 12කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල PCR පරික්ෂණ වාර්තාවක් අනුව ඇගළුම් කර්මාන්ත ශාලාවේ පෙර ආසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.

ස්වයං නිරෝධානයට යොමු කල සෙසු පිරිස සහ හුදකලා කෙරුණු වතු නිවාස පේලියේ පදිංචිකරුවන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කළා.

මේ අතර බගවන්තලාව කැම්පියන් ලොයිනොන් වතු යායේද කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවක් අද දින හමු වී ඇති බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට වතුකරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදී සිදු කල අහඹු ලෙස සිදු කල PCR පරීක්ෂණයක් අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Related posts

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

colombotoday

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday