Colombo Today Local News

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

සිය ජංගම දුරකතනය සදහා උපාංගයක් මිලදී ගැනීමට දෙහිවල පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය අවස්ථාවේදී තමාට එහි හිමිකරු අපහසත්මකව බැනවැදී තර්ජනය කල බවට මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා විසින් දෙහිවල පොලීසියට පැමිණිලික් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබදව විමසා සිටීමේදී මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා අප වෙත ප්‍රකාශ කර සිටියේ එම ජංගම දුරකතන අලෙවි කරන ස්ථානයෙන් තමාට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ පිළිබදව තමන් අද දිනයේදී (2021/01/04) දින පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිල්ලක් ඉදිරිපත් කල බවයි.

කොළඔ විශ්ව විද්යාාලයේ ජේෂ්ඨ කතිකාචාර්යයවරයෙකු ලෙස කටයතු කරමින් මෙරට විශාල නීතිඥපිරිසකට නීති අධ්‍යාපනය ලබා දී ඇති මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා ලංකාවේ සිටින නිතී විශාරදයින් අතර ප්‍රමුඛයෙක්ද වෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කල ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කර ඇත.

විදුලි සංදේශණ කොමිෂන් සභාවේ ලියාපදිංචි නොමැති දුරකතන අලෙවිසැල් විසින් පාරිභෝගිකයින්ට වන අසාධාරණකම් පිළිබදව මීට පෙරද විශාල වශයෙන් වාර්තා වී තිබේ.

Related posts

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin