Colombo Today Local News

TNA මන්ත්‍රීලා ගුරුකන්ද රජමහා විහාරයට කඩාපනී… නාහිමියන්ට බැණවැදී බලහත්කාරයෙන් පොංගු තමිල් කරයි…

මුලතිව් ‘නයාරූවල’ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා ඊයේ (14දා) එහි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය. විහාරස්ථානයට ඇතුළු වූ පිරිස විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට බැන වැදී තර්ජනය කිරීමෙන් අනතුරුව එහි බලහත්කාරයෙන් පොංගු තමිල් උළෙලක් පැවැත්වීමටද කටයුතු කළහ.

එහිදී ගුරුකන්ද විහාරස්ථානයෙහි ඒ වනවිට සිටි බෞද්ධ බැතිමතුන් කණ්ඩායමක් සහ පොංගු තමිල් උත්සවයක් බලහත්කාරයෙන් පැවැත්වීමට කටයුතු කළ පිරිස අතර කලහකාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය සහ යුද හමුදාව මැදිහත් වීමෙන් එය සමථයකට පත් කරන ලදී.

විහාරස්ථානය තුළ බලහත්කාරයෙන් පවත්වන ලද පොංගු තමිල් උළෙලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/2266644290247271/

Related posts

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

ඒක පිහියක් නෙවෙයි… මගේ ෆොන් එකත් උස්සලා – තෙවරප්පෙරුම දැන් කියන කතාව මෙන්න [Voice]

colombotoday