Colombo Today Local News

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙත වෙඩි තැබීමක් සිදුකිරීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලැබූ මෙම පාතාල නායකයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

හබරකඩ වසන්ත නමැත්තා මාතර නිලේකා ජුවලර්ස් ආයතනය කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබූ මැෂින් ගන් වර්ගයේ ගිනි අවියක් හා මයික්‍රො වර්ගයේ ගිනි අවියක් පොලිස් බාරයට ගෙන තිබේ.

Related posts

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin