Colombo Today Local News

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් කාන්තන්කුඩි ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා ඊයේ (17) සවස කසල තේ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුනේ විශේෂ කාර්ය සාධක බලකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස කාන්තන්කුඩි ප්‍රධාන පාරේ පිහිටි තේ අලෙවි සැලට පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, උප පොලිස් පරීක්ෂක නිශංක සහ බන්ඩාර ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ වැටලීම සිදු කරන ලදි.

වෙළඳසැලේ පිටුපස පවත්වාගෙන යන තේ කම්හලේ හා ගබඩාවේ ඇසුරුම් කර ඇති තේ කුඩු පරීක්ෂා කිරීමේදී එහි කසල තේ විශාල ප්‍රමාණයක් තිබී ඇත.

ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ කසල තේ කුඩු හොඳ තේ කුඩු සමඟ මිශ්‍ර කර සමාගම් කිහිපයක නම් යටතේ අලෙවි කරන බවයි.

වැටලීමෙන් පසු මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ කාන්තන්කුඩි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියා කැඳවා පරීක්ෂා කර ඇත.

කිලෝග්‍රෑම් 60 බැගින් වූ මලු100 කට වැඩි ප්‍රමාණයක් ගබඩාවෙන් සොයාගෙන ඇති අතර මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් එම ස්ථානය මුද්‍රා තබා ඇත.

වැඩිදුර පරීක්ෂණ විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරනු ලැබේ

Related posts

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday