Covid 19

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි 16 දෙනකුටය.

පසුගිය 25 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවකු වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගැනිණි.ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රඳවා සිටි සෙසු සැකකරුවන් 30 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත. ඒ අනුව, මෙම පිරිස ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

පොලිසිය පැවසූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙතද පී.සී.ආර් පරීක්ෂණය සිදුකළද එම නිලධාරීන් කිසිවෙකු වයිරසය ආසාදනය වී නැති බවය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ආරක්ෂාව යටතේ නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

ආසාදිත සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

colombotoday

තවත් බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් 122ක් හදුනා ගැනේ

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

colombotoday

ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය එංගලන්තයටත්

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday