Colombo Today Local News

ගම්බිම් බලා ගිය අය නැවත පැමිණිමට විශේෂ දුම්රිය, බස් රථ සේවා ක්‍රියාත්මකයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය අයට නැවත රැකියා කරන ප්‍ර දේශ වෙත පැමිණිම සදහා අද 16 දිනයේ විශේෂ දුම්රිය හා බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව අද (16දා) දින ධාවනය සඳහා බස් රථ 5,400ක් පමණ යොදවා ඇති අතර අධිවේගී මාර්ගවල ධාවනයටද ලංගම බස් රථ 122ක් යොදවා ඇත.

මේ අතර අද (16දා) පෙරවරු 8.07ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙන අතර, පස්වරු 4.46ට පමණ එය කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය. ඊට අමතරව මාතරින් රාත්‍රී 7.00ට දුම්රියක් ධාවනය වන අතර එය රාත්‍රී 10.50ට පමණ මරදානට ළඟා වෙනු ඇත. පස්වරු 6.50ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රියක් ගාල්ල බලා ධාවනය වන අතර, එය රාත්‍රි 9.12ට පමණ ගාල්ලට ළඟා නීමයට නියමිතය. එමෙන්ම හෙට (17දා) ගාල්ලෙන් පෙරවරු 7.05ට දුම්රියක් ධාවනය වන අතර, එය පෙරවරු 9.22ට මරදානට ළඟා වනු ඇති බව දුමිරිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday