Colombo Today Local News

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

2014 වසරේදී තමා පොදු අපේක්‍ෂකයකු ලෙස එජාපය හා සන්ධානගත වනවිට බලාපොරොත්තු වූ ඞීඑස්, ඩඞ්ලි සේනානායක මහත්වරුන්ගේ එක්සත් ජාතික පක්‍ෂය එහි නැති බව තේරුණේ පසුව බවට ජනාධිපතිරවයා විසින් කළ ප‍්‍රකාශය තවත් එක් සිල්ලර ප‍්‍රකාශයක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය. මෙතෙක් කලක් රට පාලනය කළේ එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවත් නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරය දරමින් කටයුතු කළ ජනාධිපතිවරයාට පක්‍ෂ දෙකේ ප‍්‍රතිපත්තිවල වෙනසක් ඇති බව තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවද මහාචාර්යවරයා ඊයේ (24 දා) රාජගිරියේ පිහිටි සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීය.

ජනාධිපතිවරයා මේ වගේ සිල්ලර උත්තර මීට පෙරත් දුන්නා. මීට පෙර යම් යම් සිද්ධීන් වූ විට ඒවා දැනගත්තේ පසුවයි කියලා කියනවා. පක්‍ෂ දෙකම එදා සිටම වැඩ කළේ න්‍යාය පත‍්‍ර දෙකකට. ඒක තේරුම් ගන්න දැනුමක් තියෙන්න ඕනෑ. මෙම ප‍්‍රකාශවලින් සිදුවන්නෙ තමා විසින් තමන්ව විවේචනය කර ගැනීමක්. ඒ වගේම ජනාධිපතිගේ කතාවෙන් කියවුණා ¥ෂණ වංචා පසුගිය කාලයේ සිදුවුණා කියල. ඒක තමයි අපි කියන්නෙ මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියල. යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනව කියල. එසේ නොවුණ නිසා තමයි මේ හැම ප‍්‍රශ්නයක්ම ඇතිවී තිබෙන්නෙ.

අද දීර්ඝ කාලයක් බලය තිබුණු අය බලය අහිමි වුණාට පසුව බල අරගලයක් වෙනුවෙන් කටයුතු කරනව. ඒ වගේම දීර්ඝ කාලයක් විපක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය තමන්ට ලැබුණු වරම ඉවහල් කරගෙන තමාගේ ආණ්ඩුවේ පැවැත්මට නීතියේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කැප නොවීමයි. මේ කාරණා නිසා සම්මුති ආණ්ඩුව තුළ කිසියම් විපරිත ස්වභාවයක් ගෙන තිබෙනවා. මෙය ඉතාමත් නරක තත්ත්වයක්. මේ නායකයන් දෙදෙනාගෙන්ම ජනතාවට දරා ගන්න බැරි තරම් ඇතැම් ප‍්‍රශ්න උග‍්‍රවෙලා තියෙනවා. රජයේ කාර්යාල වැඩකරන්න බැරි තත්ත්වයට පත්වෙලා. ඒ නිසා මේ නායකයන්ට කියනව රාජ්‍ය පාලනය ප‍්‍රතිෂ්ඨාපනය කරන්න. පසුව තම තමන්ගෙ දේශපාලන අරමුණුවලට යන්න. රට වැසියන්ට අවශ්‍ය රාජ්‍ය පාලනය මේ නායකයන් දෙදෙනා ඉෂ්ට කළ යුතුයි.

අද නීතිය ඉටුකරන්න නායකයන් දෙදෙනාම කැපවූ වගකීමක් දරන්නෙ නැහැ. යුද්ධයෙන් පසු සාපරාධි මනුෂ්‍ය ඝාතන, බරපතළ මූල්‍ය වංචා ඒවා සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත ද නඩුවලට මේ වනවිට මොනවද වෙලා කියල දැන ගන්නට නැහැ. අධිකරණ කි‍්‍රයාවලිය සම්බන්ධ යම් යම් ගැටලූ ඇතිවෙලා තියෙනව. විනිසුරු පදවිවලට පත්වන පුද්ගලයන් නිසි ලෙස පත්වෙලා නැහැ. නිසි ක‍්‍රමවේදයක් නැහැ. විනිසුරුවෝද මනුෂ්‍යයෝම තමයි කියල අපි කියනවා. ඒත් සියලූ ආගම්වලට සාධාරණ ලෙස ඔවුන් කටයුතු කළ යුතුයි. නව අගවිනිසුරුවරයා වැඩ භාර ගන්නා විට එතුමා කිව්ව තමන් නොසිතූ වෙලාවක මේ පදවිය ලැබුණ කියලා. මේ පදවිය ලැබුණේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත බවයි. එතකොට එතුමාගෙන් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සියලූ දෙනාට සාධාරණ ලෙස සැලකීමත් කිසිම ආකාරයකට අධිකරණ කි‍්‍රයාවලියේ උසස් තනතුරුවලට පත් කිරීමේදී යම් යම් න්‍යායන්වලට අනුව නොව නිසි සුදුසුකම් මත පත් කරන්න කියලා. ඒ නිසා යුද්ධයෙන් පසුව සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධවලට දඬුවම් ලැබිය යුතුයි. ඉක්මනින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට නායකයන් දෙදෙනා කටයුතු කළ යුතු යැයි ද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

බැදුම්කර හොරුන්ගේ සහ හොරු රැක්ක අයගේ රෙදි අද ගැළවෙයි.. කෝප් වාර්තාව මැතිසබයට

colombotoday

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday