Colombo Today Local News

සමන් රත්නායක නැවතත් අධිකරණයට

අද (06) දෙවන දිනට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකිරීම සඳහා රිමාන්ඩ් භාරයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව රැගෙන එනු ලැබීය.

ඒ, අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට ඉඩ දෙන ලෙස පෙර නඩුවාරයේදී ඔහු කළ ඉල්ලීමට අනුවය.

කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන්ටත් අවැසි බව සැකකරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පැවසීමත් සමග අදාළ ප්‍රකාශය මාර්තු මස 4 වනදා ලබාදෙන ලෙස ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඉකුත් මාර්තු 1වනදා අත්අඩංගුවට ගැණුනු අතර පසුදින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ අනුව ඉකුත් සඳුදා මහර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණද එදින සැකකරු ප්‍රකාශයක් ලබා නොදුන් බව වාර්තා වුණි.

ඉන් අනතුරුව සැකකරු අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ අනුව අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සමන් රත්නායක මහතාව අධිකරණය වෙත රැගෙන එනු ලැබීය

Related posts

“දෙමළ/මුස්ලිම් හමුදා බලඇණියක් හදනු.. දෙමළ නිජබිම පිළිගෙන ස්වයංපාලන අයිතිය දෙනු” – බාහු

colombotoday

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday