Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස විශේෂඥ මතය ද නොතකමින් රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබේ.

විශේෂඥ මතය

මෙම අදාහන ගැටලුව මතුවන විට භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය “වර්ෂාව ආරම්භ වීමත් සමගම වෛරසය හේතුවෙන් මියගිය පුදගලයන්ගේ මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි” ප්‍රකාශ කල අතර ඊට පසුව එම ප්‍රකාශයට අදාළ විද්‍යාත්මක සාදක ඇතුලත් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදි.

එම ප්‍රකාශය පිළිබඳව අප වාර්තා කල පුවත…

උලමා සංවිධානය ආදාහනයට කැමතියි.

කෙසේ වෙතත් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට කැමැත්ත පළකර ඇත. ඔවුන් විසින් ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන අළු භූමිදානය කරන ලෙස දන්වා ඇත.

එම තීරණය පිළිබඳව අප වාර්තා කල පුවත

Related posts

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

colombotoday

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday