Colombo Today Local News

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

පුඩළුඔය නගරයේ පිහිටි පොදු සුසාන භුමිය ඩොසර් කර පිවිසුම් මාර්ගයක් ඉදි කිරිමට එරෙහිව ගම්වාසින් රැසක් උද්ඝෝෂණයක. ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා සහ ගම්වාසින් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

කොත්මලේ පුඩළුඔය නගරයේ ඉදි කිරිමට යෝජිත නව බස්නැවතුම්පොලට සහ සතිපොළ භුමියට පිවිසෙන මාර්ගය සකස් කිරිම සදහා කොත්මලේ ප්‍රාදේශිය සභාවේ අවශ්‍යතාවයක් පරිදි පුඩළුඔය පොදු සුසාන භුමියේ කොටසේ ඩොසර් කර මාර්ගය සකස් කිරිම හේතුවෙන් පුඩළුඔය ප්‍රදේශයේ ගම්මාන 04 ක ප්‍රදේශවාසින් (30) දින පස්වරුවේ එම පොදු සුසාන භුමියේදි උද්ඝෝෂණයක නිරත විය.

පුඩළුඔය නගරයේ දැනට තිබෙන බස් නැවතුම්පොලට ආසන්නයේම නව බස් නැවතුම්පොලක් ඉදි කිරිම සදහා අමාත්‍ය සි.බි.රත්නායක , රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ,නුවරඑලිය දිස්ත්‍රික් පා.මන්ත්‍රිවරුන් වන නිමල් පියතිස්ස සහ එම්.රමේෂ්වරන් යන මන්ත්‍රිවරුන් විසින් ඉකුත් (28) දින නව බස්නැවතුම්පොල ඉදි කිරිම සදහා මුල්ගල තබනු ලැබුහ.

නව බස් නැවතුම්පොල ඉදි කරන භුමියට යැම සදහා කඩදොරපිටිය,පුඩළුඔය දකුණ , ටින්ගම , කොස්ගහපතන යන ප්‍රදේශවල පවුල් 6600 ජිවත් වන බවත්, එම පවුල් වල මරණයක් සිදු වු විට එහි අවසන් කටයුතු සිදු කරනු ලබන්නේ මෙම පොදු සුසාන භුමියේ බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි එම ගම්මාන වල පදිංචිකරුවන් කියා සිටින්නේ.

නව බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ඩොසර් කිරිම හේතුවෙන් එම පොදු සුසාන භුමියේ මිහිදන් කල තම ඥාතින්ගේ සොහොන් විනාශ වි ඇති බවත්, ඇතැම් මෘත දේහයන් වල අස්ථි කොටස් පවා පොළව මතුපිටට පැමිණ ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි එම ගම්වාසින් කියා සිටින්නේ.

උද්ඝෝෂකයන් සමග සාකච්ඡාවකට පැමිණි කොත්මලේ ප්‍රාදේශිය සභාවේ උප සභාපති මහින්ද සේනාධිර මහතා සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිම හේතුවෙන් එය පාලනය කිරිමට පුඩළුඔය පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.

පුඩළුඔය පොදු සුසාන භුමියේ කොටසක් ඩොසර් කර සොහොන් කොත් විනාශ කිරිම සම්බන්ධයෙන් ගම්වාසින් විසින් පුඩළුඔය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

පුඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජන බණ්ඩාර මහතා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ බැකෝ යන්ත්‍රයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත ජයසුන්දර මහතාගෙන් කල විමසුකමට ඔහු කියා සිටියේ ඉදි කිරිමට යෝජිත බස් නැවතුම්පොලට සහ සති පොලට පිවිසෙන මාර්ගය සකස් කිරිමේදි සොහොන් කිහිපයකට සුළු අලාභ හානි සිදු වි ඇති බවයි.

පොදු සුසාන භුමියට ආසන්නයේම ගව මස් අලෙවිසැලක් ඇති බවත්, එම ගව මස් වෙලදසැලෙන් ඉවතලන ගවයන්ගේ අස්ථි කොටස් කිහිපයක් තම මිය ගිය ඥාතින්ගේ අස්ථි කොටස් බවට උද්ඝෝෂකයන් පෙන්වන බවයි.

පුඩළුඔය නගරයේ ඉදි කිරිමට යෝජිත නව බස් නැවතුම්පොල සහ සතිපොළ භුමියේ ඉදි කිරිම් ආරම්භ කරන අවස්තාවට සහභාගි වු නුවරඑලිය දිස්ත්‍රික්කයේ පා.මන්ත්‍රිවරයෙකුගේ අවශ්‍යතාවයක් මත ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයේ නිරතව සිටින බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව නැවත ගණනය සිදු වීමයි

colombotoday

මහේන්ද්‍රන් හොරකම් කර ඇත්තේ කබ්රාල් සමග එකතු වෙලයි… වෝහාරික විගණනයෙන් අපි සුද්දයි !

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

colombotoday