Colombo Today Local News

වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වෙයි.

දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා ඇති ‘‘ප්‍රාණ‘‘ නැමැති ඖෂධය සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නංවන්නක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

එම ඖෂධයට ශරීරයේ වේගයෙන් පැතිරෙන වයිරස් හා බැක්ටීරියා වැනි විෂබීජවලට එරෙහිව සටන් කර සිරුර ආරක්ෂා කිරීම සඳහා සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවක් තිබෙන බව ද ඒ මහතා කියයි.

සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවීම මගින් විවිධ වයිරස් රෝගවලින් ආරක්ෂා විය හැකි බව ද මහාචාර්යවරයා කියයි.

සමාජය තුළ වේගයෙන් පැතිරෙන විවිධ වයිරස් ප්‍රභේදවලින් ආරක්ෂාවීමට නම් සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නැංවීම අවශ්‍ය බව ද මහාචාර්ය ජයන්ත රජපක්ෂ මහතා කීය

ඒ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයේ වාර්තාව එළිදැක්වීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය රාජපක්ෂ මහතා මෙම කරුණු සඳහන් කළේය.

Related posts

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

කසල ගොඩක තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

colombotoday

එජාපයෙන් නිර්දේශකර එවා ජනපති කපා දැමූ ඇමති ලයිස්තුව මෙන්න

colombotoday

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday