Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධූරයට වෛද්‍යවරයෙක්

දශක දෙකකට පමණ වඩා වැඩි පොලිස් රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යක්ෂක තනතුරට වෛද්‍යවරයෙකු පත් කර තිබෙනවා.

මෙලෙස පත් කර ඇත්තේ උප සේවා ජේෂ්ඨ පොලිස් අධිකාරී, ප්‍රධාන වෛද්‍ය නිලධරී වෛද්‍ය ඩබ්.ඒ.සී.සී රණසිංහ මහතායි. පොලිස් රෝහලේ සියලුම සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ඔහු යටතට පත්කර තිබෙනවා.

මීට ඉහතදී, පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධරී ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කල ද වෛද්‍යවරයෙකු නොවන පොලිස් නිලධාරියෙකු අධ්‍යක්ෂක ලෙස රාජකාරී කරන ලදි. එම නිසා වෛද්‍යමය අවශ්‍යතා හඳුනාගැනීම ඇතුළු රෝහල් කටයුතු නිසියාකාරව සිදුකිරීමේදී දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදු විය.

මෙම ගැටලු හඳුනාගත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස් රෝහලේ කටයුතු විදිමත් කිරීම සඳහා ලබාදුන් උපදෙස් ප්‍රකාරව නව පත්වීම් සිදුකර ඇත.

Related posts

මාසිකව ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

යහපාලනයෙන් රටේ ණය බර 39%කින් ඉහළට.. මහ බැංකු වාර්තාවලින් හෙළිවේ !

colombotoday

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් තාවකාලිකව වසයි

colombotoday

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

සිංහලයන් ගොනාට ඇන්දූ, බදුර්දීන්ගේ මරිච්චකට්ටුවේ මරිසිය

colombotoday