Colombo Today Local News

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත.

අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත  සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය  විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරික්ෂාවට ලක් කල අතර එම නිවස තුල  තිබි  පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

පෙරවරු 9.30 ට පමණ පොලීසිය අදාළ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු  දාහක් (1000 ) ක්  ,  ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක් (500 ) ,    පුපුරුවා  හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක්  පොලීසිය විසින් සොයා ගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ  ඒම නිවසේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වැන් රථයක් හා එහි සිටි කාන්තාවක් සමඟ තවත් සැකකරුවකුද   අත්අඩංගුවට ගත්  බව පොලීසිය පැවසිය.

මේ  සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු (08 ) අත්අඩංගුවට ගෙන ඇති අතර  මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු පසුගිය  පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල අපේක්ෂකයකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල අමාත්‍යවරයකුගේ සමීපතමයකුද බව වාර්තා වේ.

මෙම    පුපුරණ ද්‍රව්‍ය තොගය  තිබු නිවසේ හිමිකරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ලග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය  වී තිබේ.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ  නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව  මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

අනුරාධපුර – තිසර සමල් 

Related posts

⁣ටින්කරින් ලසන්ත පොලිස් වෙඩි පහරින් මියයාම : පොලීසිය තම සේවාදායකයා මරා දැමීමට සුදානම් බව නීතිඥවරයා කලින්ම කියලා.

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday

මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාවට ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන යයි

colombotoday