Colombo Today Local News

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න පාස්කු කොමිසමට කැදවීමට නියෝග

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (15) ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය.

“ස්වාමිනි නීතිපතිවරයා විසින් 2019 ජුනි 18 වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තමන් ළඟ තිබු ප්‍රමාණවත් තොරතුරු උපදෙස් සඳහා නීතිපතිවරයාට යොමු කරලා නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට මේ සම්බන්ධයෙන් වගකීම ගන්න බැහැ කියලා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ගේ වරදක් නැත්තම් මගේ සේවාදායකයාගෙත් වරදක් තිබෙන්න බැහැ. මේ ලිපියට අදාළව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මාහට අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට ඇයව මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැදවන්න,” යැයි සදහන් කළේය.

එම ඉල්ලීම පිළිබද සලකා බැලු ජනාධිපති කොමිසම නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවියට හෙට දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, මෙ මස 17 වනදා බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදීම සදහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

Related posts

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

colombotoday

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday