Colombo Today Local News

“LTTEය යුරෝපයේ තහනම් කිරීම වැරදියි.. කදිරගාමර් කළේ නොහොබිනා වැඩක්” – එරික් සෝල්හයිම් කියයි

eric solhime with ltteකොටි සංවිධානය (LTTE) යුරෝපා සංගමය තුළ තහනම් කිරීම ශ්‍රී ලංකාවේ සාමය ඇති කිරීමට බාධාවක් වූ බව පවසන නොර්වේ හිටපු සාමා නියෝජිත එරික් සෝල්හයිම්, හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඒ වෙනුවෙන් කටයුතු කිරීම දැඩිව විවේචනයට ලක්කර තිබේ.

යුරෝපය සහ ලෝකය පුරා යමින් LTTE සංවිධානය තහනම් කරන ලෙස ආණ්ඩු වලට ඒත්තු ගන්වන්නට ලක්ෂ්මන් කදිරගාමර් මහතා සෑහෙන කාලයක් ගත කළ බව ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් අතර 2002 ආරම්භ වූ සාම ක්‍රියාදාමයේ ප්‍රධාන පහසුකාරක එරික් සොල්හයිම් ප්‍රකාශ කොට තිබුනේ දෙමළ ජනයාට යුක්තිය (Justice for Tamils) විසින් කැනඩාවේ සිට අන්තර්ජාල ගත කෙරෙන වීඩියෝ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“මම තාමත් හිතන්නේ එය වැරදි උපාය මාර්ගයක් ලෙසයි.”

පැරිසිය මුලස්ථාන කොටගත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සංවිධානයේ (OECD) සංවර්ධන ආධාර කමිටුවේ වර්තමාන ප්‍රධානී සොල්හයිම් පවසන්නේ ලෝකය සමග සබඳතා පැවැත්වීමට කොටි නායක වේලුපිල්ලේ පිරබාහරන්ට තිබූ ඉඩකඩ LTTE තහනම මගින් අහුරා දමන ලද බවයි.

“අප කළ යුතුව තිබුනේ සම්පුර්ණයෙන්ම එහි අනික් පැත්ත. LTTE ය සමග සම්බන්ධය වැඩිව තිබූ තරමට හොඳයි. ප්‍රභාකරන් සමග කතා කිරීමේ අවස්ථාව දේශපාලන නායකයන් බොහෝ දෙනකුට සැලසුනා නම් දේශපාලන විසඳුමකට එකඟ වීමට ඔහුට බලපෑමක් කරන්න තිබුණු හැකියාව වැඩියි.”

යැයිද ඔහු පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර බිදවැටුණු රාජ්‍යතාන්ත්‍රික සබදතා යළි ගොඩනගා ගැනීම සදහා වසර 9කට පසු නෝර්වේ විදේශ අමාත්‍ය වරයා පසුගිය සතියේ ලංකාවේ සංචාරයක නිරත විය. රජයේ ඉහළපෙලේ නියෝජිතයන් හමුවූ ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් නිර්දේශිත යුධ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබිණි.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

Admin