Colombo Today Local News

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉවත් වී ඇති බව එම කමිටුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කොළඹ උතුර( රාගම )වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ් මහතාද එම කමිටුවෙන් මෙයට පෙර ඉල්ලා අස්විය.

මෙම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ,වෛද්‍ය රජීව ද සිල්වා,වෛද්‍ය කාන්ති නානායක්කාර ,මහාචාර්ය චන්න රණසිංහ ,මහාචාර්ය සරෝජ් ජයසිංහ ,වෛද්‍ය රෝහිත මුතුගල,වෛද්‍ය මහේන් කොතලාවල සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරු කටයුතු කරති.

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ නිර්දේශ පිළිබඳව මනා ලෙස අධ්‍යයනය කර මෙරටට එන්නත්කරණ වැඩපිළිවෙළක් නිර්දේශ කිරීම මෙම විශේෂඥ කමිටුවට පැවරී ඇති වගකීමයි.

Related posts

75කට වැඩි පිරිසක් හදිසියේ රෝගී වෙයි… ශ්‍රී පාද අධ්‍යාපන පීඨය තාවකාලිකව වසයි !

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

දෙහිවල සතුන් වත්තේ සතුන්ගේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා

colombotoday