Colombo Today Local News

ජනපති රට හදද්දී මැති ඇමතිලා වාහන සහ කාර්යාල වෙනුවෙන් මරා ගනිති…

ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් සිය අමාත්‍යංශවලට පත්කොට සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන හා කාර්යාල පහසුකම් ලබා නොදීම නිසා බරපතළ ගැටලු සහගත තත්ත්වයක් හටගෙන තිබේ.

දැනටමත් මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි රාශියක් ලැබී තිබේ.

සමහර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුනට කැබිනට් විෂයන් කිහිපයක් පැවරීම නිසා ඔවුන් ඒ සෑම අමාත්‍යංශයෙන්ම නිල කාමර වාහන හා කාර්ය මණ්ඩල පහසුකම් ලබාගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා තමන්ගේ වාහන සංචිතය වාහන කිහිපයකට සීමාකර තිබියදී ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් මෙලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයාද ප්‍රකාශ කර තිබේ.

-Deshaya-

Related posts

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

බස්නාහිර සභාවේ ගද යවන්න ලක්ෂ 160ක යන්ත්‍රයක් ගෙනෙයි.. සුවද පුරවන්න වසරකට වැයවන මුදල කෝටි තුනයි…

colombotoday

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday