Colombo Today Local News

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත 14% රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (06 වැනිදා) උපදෙස්‌ දී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ දී ඇත්තේ සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්‍ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයන් ඇතුළු කලාකරුවන් පිරිසක්‌ සමඟ ඊයේ (06 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී 14% ක බදු මුදලක්‌ අය කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර 14% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යවරයාට උපදෙස්‌ දී ඇත.

මේ අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්‍ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන්a එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී මෙම පිරිස දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළහ. ඒ පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර රජයේ නව බදු ප්‍රතිපත්තියටද ගැටලුවක්‌ ඇති නොවන අයුරින් මෙම ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

ප්‍රතිපත්තියක්‌ අනුවම දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්‍ෂේත්‍ර රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජයක්‌ විසින් සිදුකළ යුතු අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැකගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්‌කෙරිණි.

දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට එම ක්‍ෂේත්‍රවල සියලු අංශ නියෝජනය වන පරිදි කමිටු පත්කිරීමටද ජනාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතු වල ප්‍රගතියද මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා අදාළ ඉදිරි වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්‍ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස්‌ අධ්‍යාපන සහ සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් ඡේ. ඡේ. රත්නසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ සෝමරත්න දිසානායක, ධර්මසිරි බණ්‌ඩාරනායක, නාලන් මෙන්ඩිස්‌, නීතිඥ ඩග්ලස්‌ සිරිවර්ධන, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ඉනෝකා සත්‍යාංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

Related posts

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

colombotoday

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin