Colombo Today Local News

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

අත්සන් කරන ලද සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව පාවාදීමකට ලක් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පෙන්වා දෙයි.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළදාම අමාත්‍යවරයා දැනුවත්ව රට පාවා දීමක නිරත වන නිසා ඔහුව එම තනතුරුන් පහකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බව එම සංගමය පවසයි.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ලසන්ත විකමසිංහ මහතා මෙසේ පැවසීය.

සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම ගිවිසුම නිසා සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් විය. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක බදු ආදායමක්‌ වාර්ෂිකව මෙම ගිවිසුම නිසා රජයට අහිමි වූ බවයි. ඒ වෙනුවට ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය සඳහා ලැබුණේ මොනවාද යන්න සලකා බලන විට මෙම නිලධාරීන් කෙතරම් බරපතළ පාවා දීමක නිරත වූයේ දැයි පැහැදිලි වේ.

සිංගප්පූරුව ආනයනික බදු ඒකපාර්ශවිකවම ඉතා අවම මට්‌ටමක පවත්වා ගන්නා රටකි. නව ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බදු සහන ලැබුණු භාණ්‌ඩ වලින් 99%ක්‌ම සියලුම රටවල් සඳහා සිංගප්පූරුව විසින් මින් පෙරත් ආනයනික බද්දෙන් නිදහස්‌ කර තිබූ භාණ්‌ඩමය. එසේම මෙම ගිවිසුම තුළ, යම් භාණ්‌ඩයක අගයට සිංගප්පූරුව තුළදී එකතු කළ අගය මැන බැලීම (Rule of Origin) සඳහා වන කොන්දේසිය ඉතාම දුර්වල ලෙස අන්තර්ගත කර ඇත. ඒ අනුව සිදුවන්නේ වෙනත් රටවල නිපදවන භාණ්‌ඩද සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට බදු රහිතව ඇතුළු වීමයි. මෙය දේශීය කර්මාන්තකරුවාට එල්ලවන මරු පහරක්‌ වනු ඇත.

රජය විසින් ළඟදීම එට්කා ගිවිසුම අත්සන් කරන්න සූදානම් වී සිටියි. එම ගිවිසුමෙන් වාසි ලැබෙන බව ප්‍රකාශ කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචර්ය රොහාන් සමරජීව ආදී ආර්ථික විශේෂඥයන් තම සංගමය විසින් ප්‍රකාශයට පත්කළ ‘එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය පළ වීමෙන් පසුව සත්‍ය කරුණු එළිදැක්වුණු නිසා එට්කා ගිවිසුම පිළිබදව කතා කිරීම නතර කර ඇත. නමුත් සංවාදයක් නැති වුවද දුෂිත පුද්ගලයන් යොදා ගෙන එම කටයුත්ත සමාජයට හොර රහසේ සිදු කරගෙන ගොස් දැන් අවසානයට ළඟා වී ඇත.

රජය ආර්ථික ගිවිසුම් වලට එළැඹෙන්නට උත්සාහ කරන්නේ ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව යන අපට වැඩිම වෙළද හිඟියන් ඇති රටවල් සමඟයි. මෙවැනි අවාසිදායක ගිවිසුම් නිසා වෙළද හිඟය වැඩි වී ඉදිරියේදී විශාල ආර්ථික ගැටලුවල්ට මුහුණ දීමට සිදුවනු ඇත. රටින් වැඩිපුර පිටවන මුදල යළි කෙසේ හෝ රට තුළට ගෙන්වා ගැනීම්ට සිදු වේ. ඒ සඳහා මැදපෙරදිගට මවුවරුන් යැවීම, ජාතික සම්පත් විකුණා දැමීම හා විදේශීය ණය ලබා ගැනීම් වැඩි කරන්නට සිදු වනු ඇත. මෙය මේ රට විනාශ කිරීමේ පැහැදිළි කුමන්ත්‍රණයකි.

මලික් සමරවික්‍රම මහතා මෙහිදී විදේශීය බලවේගවල ඉත්තෙකු ලෙස යොදා ගැනේ. එසේම මලික් සමරවික්‍රම මහතාට මෙවැනි වගකීමක් දැරීමට අවශ්‍ය සුදුසුකමක් නැත. ඔහු සතුව ප්‍රමාණවත් අධ්‍යාපන සිදුසු ක්අමක් නැති අතර මහජන නියෝජිතයෙකුද නොවේ(ජාතික ලයිස්තුව) . ඔහුට දේශපාලනය කිරීමට ඇති එකම සුදුසුකම පාසල් කාලයේ පටන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සහකරු වීම පමණකි. මේ කාරණා මත නම් රටේ අනාගත පරපුරේ ඉරණම විසදෙන්න්නේ ඒ සඳහා ඉඩ නොදිය යුතුය.

එසේම සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් සහ නව වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ජනාධිපතිතුමාව නොමඟ යවා ඇත.

ජනාධිපතිතුමා විසින් මලික් සමරවික්‍රම මහතා එම අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතු අතර මේ සියලු දුර්ධාන්ත ක්‍රියාවන් සඳහා මැදිහත් වී ඇති අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එම තනතුරෙන් පහ කළ යුතුය. එසේම දූෂිත එට්කා සාකච්ඡා කණ්ඩායමද විසුරුවා හැරිය යුතුය. නැතහොත් මේ පාවාදීම් හමුවේ ජනාධිපතිතුමාද බරපතල අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.

– AITP

Related posts

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. – රිෂාඩ්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday