Colombo Today Local News

පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද

අද (06) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.

එම රැස්වීම අද පස්වරු 05ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙනු ඇති බවටයි සදහන් වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු සාමාජිකයින්ට ආරාධනා කර තිබේ.

පසුගිය රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනා 03ක් සම්මත කරගැනීමටද මෙහිදී නියමිතව ඇත. ඒ අනුව එම යෝජනා 03 පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කර එය සම්මත කර ගැනීම ද මෙහිදී සිදුවනු ඇත.

එමෙන්ම ඉදිරියේ දී නිර්මාණය කර ගැනීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

නව සන්ධානය පුටුව ලකුණෙන්ද එළිදැක්වීමට සැලසුම්කර ඇති බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ඊට හේතු වී ඇති බව තවදුරටත් සදහන් වේ.

Related posts

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

colombotoday

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

Admin

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ජාත්‍යන්තර මුස්ලිම් සමුළුවක් 30 දා කොළඹදී.. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ටත් ආරාධනා

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin