Colombo Today Local News

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු රටට හෙළි නොකලොත් ජනතාව සමග පාරට බැසීමට සුදානම් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත ආයතනයේදී පැවති මාධ්‍ය සාකාච්චාවේදී එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ වකුගඩු ජාවාරම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රධානියාට සහ විධායක කමිටුවේ නිලධාරීන් කිහිපදෙනකුටද චෝදනා එල්ල වී ඇති බවයි. ඉන්දියානු රජය විසින් සිදුකල දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකාවේද මෙම ජාවාරම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් එම පරීක්ෂණය විදිමත්ව සිදු වු බවට ගැටළු පවතින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේ. එම පරීක්ෂණ කටයුතු සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා සහ විධායක කමිටුවේ නිළධාරින් අනිසි බලපෑම් සිදු කල බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) චෝදනා කරනවා.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් ඩීල් නවත්වා එය වහාම රටේ ජනතාවට දැන ගැනීමට එලියට දමන ලෙසත් නැතහොත් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව රටේ ජනතාව දැනුවත් කර පාරට බැස්සවීමට කටයුතු කරන බව පෙන්වාදුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ඉහල පෙලේ කමිටු සමාජිකයන්ගේ බලපෑම් ඊට එල්ල වී ඇති බවයි.

නිත්‍යානුකුලව වකුගඩු බද්ධ කිරීම් මගින් රටට විශාල විදේශීය විනිමයක් ලැබුන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සම්බන්ධ  වෛද්‍යවරු පිරිසක් විසින් එය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව විදේශිකයන් සදහා මෙරටදී වකුගඩු බද්ධ කිරීම තහනම් කිරිමට රජය පියවර ගැනීම තුලින්  නිත්‍යානුකුලව රටට ගල ඒමට තිබු විශාල විදේශීය විනිමයක් අහිමිව ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකිවයුතු බලධාරීන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) බලපෑම් වලට යටත් නොවී මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) ඉල්ලීමක්ද සිදු කරනවා. 

ඉදිරියේ සති කිහිපය ඇතුලත රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විදේශ අධ්‍යාපනයට ගොස් ජනතා මුදල් වංචා කිරීම සහ ඒ පිළිබද අල්ලස් හා දූෂණ වංචා කොමිශන් සභාව ඒ පිලිබඳ ලැබුණු පැමිණිල්ලට කුමක් සිදු වී ඇත්ද යන්න විශේෂ හෙළිදරව්වක්ද බලාපොරොත්තු වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සදහන් කලේය

Related posts

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට. අදායම් ඉපයීමටත් වසර 15 ක්.

colombotoday

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

colombotoday