Colombo Today Local News

“සල්ලි කන ව්‍යාපෘතිවලින් වැඩක් නැහැ – මාස 06 න් විසදමු” – ඌව ආණ්ඩුකාරවරයාගෙන් ආදර්ශයක්

ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “සුරපුරක් හදන පරපුරක්” සංකල්පයේ පළමු අධියරය මේ මස 24 දා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

එම තේමාව යටතේ ක්‍රියාත්මක වන පිවිතුරු දියදහර වැඩසටහන බදුලු ඔයෙන් ආරම්භ කිරීමට නියමිත අතර නොසැලකිලිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වන බදුලු ඔය සම්පූර්ණයෙන්ම පිරිසිදු කොට එහි ජලය මිනිස් ප්‍රජාවගේ පරිභෝජනය සඳහා ලබා දීමත්, බදුලු ඔය ආශ්‍රිතව අලංකාරවත් පරිසර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ඒ ආශ්‍රිත ජනතාවට අලංකාරවත් නගරයක් හා පාරිසරික පද්ධතියක් ලබා  දීම මෙහි අරමුණ බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා පවසන ලදි.

මෙම වැඩසටහන සම්බන්දයෙන් වන සාකච්චාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්වුනි.

එහි දී සිය අදහස් පළ කල ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා,

“මම හිතන්නේ ඇත්තටම මේ සඳහා මහා විශාල සල්ලි කන ව්‍යාපෘති ගෙනත් වැඩක් නැහැ.”

“අපි සියලු දෙනා එක එක ආයතන ලෙස වෙන වෙනම නොසිතා අනාගතය වෙනුවෙන් එක තැනකට එකතු වී සාකච්චාවෙන්, සම්මුතියෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරගත්තොත් මේ සිදුවන්නා වූ පාරිසරික පාඩුව මාස 06කින් විසදිය හැකියි.”

“මෙතන ඉන්නවා ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞක්‍ය අමාත්‍යාංශය, පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව,  අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තවත් බොහෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රධානීන් මෙතන සිටිනවා.”

“මම මේ හැම කෙනාටම කියන්න කැමතියි අපි සියලු දෙනාම වැටුප් ගන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් එම නිසා ඒ ජනතාව වෙනුවෙන් අපට විශාල වැඩ කොටසක් කිරීමට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම සිතිය යුත්තේ මහ ජනතාවගේ යහපතයි. අප වැඩ කල යුත්තේ මහජනතාව වෙනුවෙනුයි. ඒ නිසා අපි එක අරමුණකට පැමිණිය යුතුයි.”

“එහිදී සාම්ප්‍රදායික නීති රීති වලට කොටු නොවී ජනතා සුබසාධනය වෙනුවෙන් තීරණ ගැනීම ඉතා වැදගත් බවයි මගේ හැගීම. ඔබ සියලු දෙනා රාජ්‍ය නිලධාරීන් ලෙස ජල සම්පත ආරක්ෂා කිරීමට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කිරීමට සත්භාවයෙන් ගන්නා වූ ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටීමට මම කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කරන්න කැමතියි. “විශේෂයෙන්ම ජල සම්පත සහ පරිසර පද්දතීන් ආරක්ෂා කිරීම නොකළ හොත් ඉදිරි අනාගතයේදී අපට රටක් ඉතුරු නොවන බව මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කරන්නට කැමතියි.”

“ජල සම්පතින් කෘෂිකර්මයෙන් අතීතයේ ස්වයංපෝෂිත ප්‍රදේශයක් බවට පත්ව තිබූ ඌව වෙල්ලස්ස අද වන විට පත්ව ඇති තත්වය පිලිබදව මටනම් පුද්ගලිකව සතුටු වෙන්න බැහැ අද වන විට වකුගඩු රෝගය විශාල වශයෙන් ඌව වෙල්ලස්ස පළාතේ පැතිර යන්න පටන් අරන් මීට ප්‍රධාන හේතුව අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් බවයි මගේ අදහස. අපි අද මෙතෙන්ට රැස්වුණේ එකී අවිධිමත් ක්‍රියාකාරකම් විධිමත් කොට අනාගත පරපුර වෙනුවෙන් යහපත් පලාතක් අතීතයේ පැවතී ස්වයංපෝෂිත ඌව වෙල්ලස්සක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම යෙදීමටයි.”

“සුරපුරක් හදන පරපුරක් වැඩසටහන යටතේ පිවිතුරු දියදහර වැඩසටහන ඔබ සියලුදෙනා සම්බන්ද කරගෙන ආරම්භ කිරීමට මා කටයුතු කලේ ඒ නිසයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයත් මේ පළාතේ ජනතාවගේ සහයත් මේ සඳහා මට අවශ්‍යයි”

යනුවෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා සිය අදහස් පළ කරන ලදි.

මෙම සාකච්චාවට රජයේ උසස් නිලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා පාරිසරික සංවිධාන වල සාමාජිකයන් සහභාගී වී සිටි අතර ඔවුන්ගේ අවධානයට ලක්වූ කාරනා කිහිපයක් පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්චාවිය.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්චාවට ලක්වූ කාරනා කිහිපයකි. අවිධිමත් කසල බැහැර කිරීම, සේවා ස්ථාන වලින් අපවිත්‍ර ජලය බදුලු ඔයට මුදා හැරීම, හෝටල් වල සහ ආපනශාලා වල කුණු කසල සහ ගලි අපද්‍රව්‍ය කෙලින්ම බදුලුඔයට මුදා හැරීම, අනවසර ගොඩනැගිලි ඉදිකිරීම, අනවසර වගා කිරීම, කෘමිනාශක ද්‍රව්‍ය ගොවීන් විසින් බදුලුඔයට අපවිත්‍ර වන ආකාරයෙන් පාවිච්චි කරන ලද බෝතල්, ගැලුම් සහ අනෙකුත් දේ බැහැර කිරීම, සංරක්ෂිත වනාන්තර ප්‍රදේශ නියමිත ලෙස මැන සීමා කොට නොතිබීම යන ආදී කාරනා මේ අතර විය.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන විසින් විධිමත් නොවන ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන කසල අංගන වෙතින් බැහැර කරනු ලබන අප ජලය බදුලු ඔයට මිශ්‍රවීමට ඉඩ හැරීම තවත් ප්‍රධාන ගැටළුවක් ලෙස මෙහිදී අවධානයට ලක් විය.

වැසි කාලවලදී බදුලු ඔය අවට ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට හානි ගෙනදෙන ආකාරයෙන් පිටාර ගලායාමට තරම් ජලය ලැබුනද වැසි නොමැති කාලවලදී මෙකී ජනතාවට බීමට පවා ජලය නොමැති බැවින් අහසින් වැටෙන වැසි ජලය කළමනාකරණය කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් යෝජනා කරන ලදී.

මේ අවස්තාවේදී තව දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ඉතා කෙටි කාලයක් තුල මෙකී අවිධිමත් ජල කළමනාකරණය හේතුවෙන් බදුලු නගරයත් වැසි කාලය තුල ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවයි.

Related posts

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

ජනපතියි අගමැතියි ජනවරමට පයින් ගැහුවා.. 8දා අපිත් වීදි බහිනවා – යහපාලන සගයෝ මැසිවිලි නගති

colombotoday

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday