Colombo Today Local News

කොටි හිතවාදී Lankasri මාධ්‍යය ආයතනයේ කොළඹ ලොක්කාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන.

මුහුණූ පොතේ පිටු කිහිපයක් (facebook pages) මුහුණූ පොත් සමුහයන් (facebook Groups) සහ වෙබ් අඩවියක අයිතිය ක්ෂණයකින් ක්‍රියාත්මක වන පරිදි තමන්ගේ නමට ලියාදෙන ලෙස තර්ජනය කරමින් Smart Networks පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක වන Lankasri මාධ්‍ය ආයතනයේ පරිපාලන නිලධාරි ලෙස කටයුතු කරන මහමනි බාස්කරන් නැමැති පුද්ගලයා එහි සේවය කරන වසන්ත පිවිතුරු නම් මාධ්‍යවේදීයෙකුට තර්ජනය කරමින් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම බලහත්කාරයෙන් මෙම මුහුණු පොතේ පිටු සහ වෙබ් අඩවිය අත්පත් කර ගැනීමට විශාල උත්සාහයක මහමනි බාස්කරන් නිරත වූ අතර එය ඔහුට ලබාදීමට මාධ්‍යවේදියා අකමැති වූ නිසා ඔහු කිසිඳු නිල දැනුම් දීමකින් තොරව සේවය අවසන් කිරීමට කටයුතු කර ඇත.

මේ සිද්ධිය පසුගිය 18 වන දින සිදු වූ අතර අදාල ආයතනේ උසස් බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මාධ්‍යවේදියා දින 3ක් තිස්සේ උත්සාහ කල ද කිසිඳු උසස් නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැත.

මාධ්‍යවේදියා මෙම ආයතනයේ සේවයට යාමට පෙර සිට මෙම වෙබ් අඩවිය සහ මුහුණු පොතේ පිටු මෙන්ම මුහුණු පොත් සමුහය තවත් පිරිසක් සමග එකතු වී පවත්වාගෙන ගොස් ඇත.

මෙම ආයතනයේ සේවය සඳහා ඔහු පැමිණි අවස්ථාවේ සම්මුඛ පරික්ෂනේයේ දී ඒ සම්බන්ධයෙන් මහමනි බාස්කරන් නමැති පුද්ගලයාට මේ පිළිබඳව දැනුම් දී තිබු අතර ඔහු විසින් සඳහන් කර ඇත්තේ ඒ පිටු සහ සමුහයන් හරහා ඔහුගේ ආයතනයේ පුවත් ද ප්‍රචාරය කර දෙන ලෙසයි.

සිදුව ඇති අසාධාරණය පිළිබඳව මාධ්‍යවේදියා විසින් බලධාරීන්ට සිදුකර ඇති පැමිණිල්ල…

ගරු ජනාධිපති තුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

ගරු. නිමල් සිරිපාල ද සිල්වා මහතා
කම්කරු අමාත්‍ය
කම්කරු අමාත්‍යංශය
නාරාහේන්පිට
කොළඹ 05

ගරු ඩලස් අලහපෙරුම මහතා
ජනමාධ්‍ය අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යංශය
නාරාහේන්පිට
කොළඹ 05

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
සෞඛ්‍ය අමාත්‍ය තුමා
සෞඛ්‍ය අමාත්‍යංශය
කොළඹ 10

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා
සෞඛ්‍ය අමාත්‍යංශය
කොළඹ 10

කම්කරු කොමසාරිස් තුමා
කම්කරු කාර්යාලය
නාරාහේන්පිට
කොළඹ 05

සභාපති තුමා
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව
කොළඹ 04

පොලිස්පති තුමා
පොලිස් මුලස්ථානය
කොළඹ 01

සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්

මහත්වරුණේ

මම මාධ්‍යවේදියෙකු වන අතර අංක 295/4/2 ජෝර්ජ ආර්.ඩී සිල්වා මාවත කොටහේන කොළඹ13 යන ලිපිනයේ පිහිටි ස්මාර්ට් නෙට්වොර්ක් පෞද්ගලික සමාගමේ නිවේදකයෙකු හා මාධ්‍යවේදියෙකු වශයෙන් වසර 2කට ආසාන්න කාලයක් සේවය කර ඇත.

නමුත් පසුගිය 18 වන දින සිට මහමනි බාස්කරන් නම් මෙම ආයතනයේ පරිපාලන නිලධාරියා විසින් මාගේ සේවය හදිසියේම අවසන් කිරීමට කටයුතු කර ඇත.

මා මෙම ආයතනයට සේවයට පැමිණීමට ප්‍රථම සිට මා විසින් පවත්වාගෙන ගිය මුහුනු පොත් පිටු කිහිපයක් සහ වෙබ් අඩවියක් මෙන්ම මුහුනුපොත් සමුහ කිහිපයක් මහමනි බාස්කරන් කියන තැනැත්තාගේ නමට අයිතිය වහාම හරවා දෙන ලෙස එම පුද්ගලයා මා පිඩාවට පත් කරමින් කාමරයකට දමාගෙන සාපරාධි බිය ගන්වමින් තර්ජනාත්මකව ඉල්ලා සිටියේය. මා එයා ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී කුමක් වේවිද කියා බලාගත හැකි බවට මෙම පුද්ගලයා මා හට තර්ජනය කර සිටියේය.

එහිදී මා ඔහුට පවසා සිටියේ මගේ මිත්‍රයන් කිහිප දෙනෙකු සමග එකතු වී අදාළ එම මුහුනු පොත් පිටු සහ මුහුණු පොත් සමුහයන් මෙන්ම වෙබ් අඩවිය කලක් තිස්සේ පවත්වාගෙන යන අතර එය මාගේ තනි මතේට ඔහුට අයිතිය පවරාදීමට නොහැකි බවයි.

ඔහුගේ දුරකථන අංකයෙන්ම ක්ෂණිකව මාගේ මිතුරන්ට මෙම ස්ථානයේ දීම ඇමතුමක් ලබාදී තමන්ට අයිතිය පවරා දෙන ලෙස ඉතාමත් තර්ජනාත්මකව මට පවසා සිටියේය.

එය ලබාදෙන්නේ නම් සේවයේ රැඳී සිටිය හැකි බවත් නැතිනම් සේවයෙන් ඉවත් කරන බවත් සඳහන් කරමින් මා දැඩි අපහසුතාවයට ලක්කළ මොහු 2021.08.18 වන දින සවස් කාලයේ දී මාගේ මාර්ග ගත සේවා පද්ධති සියල්ල අවහිර කර මාගේ සේවය අවසන් කිරීමට කටයුතු කර ඇත.

ඔහු මාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් මා ඒ සම්බන්ධයෙන් සලකා බලන බවද ඔහුට පැවසුවෙමි .

මා මෙම ආයතනයට පැමිණෙන අවස්ථාවේ සම්මුඛ පරීක්ෂණයේදී අදාළ පිටු සහ වෙබ් අඩවිය පවත්වාගෙන යන බවට මෙම ආයතනයට දැනුම් දී ඇති අතර මෙම ආයතනයේ පුවත් සහ වීඩියෝ දර්ශන ද ඒ හරහා ප්‍රචාර කර දෙන ලෙස මෙම පුද්ගලයා මාගෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව මා එම කටයුතු මොහුට සිදු කර දී ඇත. නමුත් ඔහුට මෙහි අයිතිය පවරා නොදීම හේතුවෙන් මෙම අසීරු අවස්ථාවේ දී බොරු චෝදනා නගමින් මහාමනි බාස්කරන් නමැති අය විසින් මාගේ සේවය අවසන් කර ඇත.

රටේ පවතින අසීරු තත්ත්වය හමුවේ පොලිසියට ගොස් පැමිණිලි කිරීමට නොහැකි හෙයින් මම පොලිස් මාර්ග ගත පද්ධතිය හරහා මෙම පැමිණිල්ල යොමු කරමි.

එමෙන්ම මෙහිදී මෙම පුද්ගලයා විසින් මාගේ මානව හිමිකම් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බැවින් ඔබ වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර සිටිමි.

මොහු මෙයට පෙර ද අවස්ථා ගණනාකදී සේවකයන්ට මෙවැනි සාපරාධි බියගැන්වීම් සහ රාජකාරි අවස්ථාවන්හිදී දැඩි පීඩා ඇති කරන අතර සේවා කාලය ඉක්මවා බලහත්කාරයෙන් රඳවා අමානුෂික අන්දමින් සේවකයන්ගේ ශ්‍රමය සුරා කන බවට ද සඳහන් කරන්නට කැමැත්තෙමි.

මෙම පුද්ගලයාගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙයට පෙරද සේවකයන් රැසකට මෙවැනි රැකියා අහිමි කිරීම් සිදු කර ඇති බව මා පෙන්වා දෙන අතර මෙම පුද්ගලයාගේ හිතුමතේට සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් වහාම සොයා බලා අදාළ බලධාරීන් නිතිය ක්‍රියාත්මක කරනු ඇති බවට මා අපේක්ෂා කරමි.

ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් අහිංසක සේවකන් හට සිදුකරන මෙම ක්‍රියා ඉදිරියේදී තවත් සේවකයෙකුට නොවන අන්දමට නිතිය ක්‍රියාත්මක කල යුතුය.

කොරෝනා අර්බුධයත් සමග අප, අපගේ දිවි පරදුවට තබමින් මෙම ආයතනයට පැමිණ වසරකට අධික කාලයක් සේවය කරමින් සිටින අතර මෙම අසීරු අවස්ථාවේ රැකියාව අහිමි කිරීමෙන් මා ඇතුළු මාගේ දරුවන් දැඩි ලෙස පිඩාවට පත්වන බව මෙහිදී සිහිපත් කරමි

මෙයට අමතරව පසුගිය ජනවාරි මාසයේදී මෙම පුද්ගලයට කොරෝනා රෝගය වැළඳුනු අතර එම අවස්ථාවේ මොහු ඒ පිලිබඳ සත්‍ය වසන් කරමින් කාර්යාලය පවත්වාගෙන ගිය අතර 2021.07.25 වන දිනෙන් පසු මෙම කාර්යාලෙයේ බොහෝ පිරිසකට දරුණු ලෙස උණ රෝගය වැළඳුනු අතර එම අවස්ථාවේදී කිසිවෙකුටත් PCR පරීක්ෂණ නොකරන ලෙසටත් කාර්යාලයට පැමිණෙන ලෙසටත් සේවකයන් පිඩාවට පත් කිරීමට කටයුතු කර ඇත.

2021.07.25 වන දිනෙන් පසු ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට මෙතෙක් වසන් කරමින් ආයතනය පවත්වාගෙන යන බවට මා සාක්ෂි සහිතව සඳහන් කිරීමට කැමැත්තෙමි.

මෙම පුද්ගලයා සේවකන්ට සිදුකරන අමානුෂික බලපෑම් හා සෞඛ්‍ය නීති කඩකරමින් කාර්යාලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සහ මාගේ සේවාව අවසන් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරමින් මාගේ සේවාව යලි පිහිටුවීමට හෝ ඔහු මාගේ සේවාව අවසන් කිරීමට අදාලව කම්කරු නිතිය අනුව වන්දියක් ලබාදීමට හෝ කටයුතු කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි

මෙයට විශ්වාසී
වසන්ත පිවිතුරු
175/5 අක්කර 100
ගොලුවවිල
රත්නපුර

Related posts

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

colombotoday

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

අලුත් පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි !

colombotoday

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin