Colombo Today Local Newsfeatured

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් (24) දින පස්වරුවේ බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් කැදවා බැන තර්ජනය කර ඇත.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කලමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් හමුවේ (22) දින කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විසින් සැකකරුව බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහත වෙත (23) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සෙවුනු කලෙයිචෙල්වම් (28) හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර , එහිදි බැංකුවේ නිලධාරින් විසින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.
එම අවස්තාවේ උරණ වු සැකකරු බැංකු සේවකයින් සහ කලමණාකාරවරයා සමග බහින් බස් විමක් ඇති වි පසුව එය දුර දිග යාමෙන් අනතුරුව කලමණාකාරවරයා විසින් ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් උරණ වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා බගවන්තලාව නගරය වෙත (24) දින ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැදවා බැන වැද තර්ජනය කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකල පොලිස් නිලධාරින් තිදෙනාට වහාම ස්ථාන මාරුවිම් ලබාදෙන ලෙසත්, එම නිලධාරින් තිදෙනාගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසද අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියාගෙන් ඔහු පදිංචි ප්‍රදේශය විමසා පසුව අමාත්‍යවරයා විසින් නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාට එම ස්ථානයේදි දුරකථන ඇමතුමක් ලබාගෙන එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සියළුම තොරතුරු ලබා දි ඔහු පිලිබදව බලාගන්නා ලෙසද ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් උපදෙස් ලබාදුන් බවයි එම ස්ථානයේ රැදි සිටි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියේ.

තවද සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් බගවන්තලාව නගරයේ සිට පොලිස් ස්ථානය වෙත ඉතා පරිස්සමෙන් යන ලෙස ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් වෙත පවසා ඇති අතර , එම යන අතුරතුර එම පොලිස් නිලධාරින් තිදෙනාට කිසියම් පිරිසක් පහර දිමට පවා හැකි බවද තොණ්ඩමන් මහතා පවසා ඇත.

බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දි ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර ඇත.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පොලිස් නිලධාරින් තිදෙනාට බැන වැද තර්ජනය කිරිම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් තිදෙනා ඔහුගේ සටහන් පොත් වල සටහන්ද තබා ඇත.

අමාත්‍යවරයාගේ දුරකථන ඇමතුමක් පරිදි බගවන්තලාව නගරය වෙත ගිය හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා හමුවේ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා හැටන් පොලිස් කොට්ඨාශයෙන් ස්ථාන මාරු කිරිමට පියවර ගන්නා ලෙසයි.

එහිදි පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ෂණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම විමර්ෂණය අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරිමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා බගවන්තලාව නගරයට පැමිණි අවස්තාවේ ඔහුගේ මාධ්‍ය ඒකකයෙන් එම ස්ථානයේ රැදි සිටි කිසිදු අයෙකුට ජංගම දුරකථනවලින් දර්ශන පටිගත නොකරන ලෙසට පවසා ඇති අතර එය අධික්ෂණය කිරිමට එම ස්ථානයේ සිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ අධාරකරුවන් පිරිසකට උපදෙස් ලබා දි ඇත.

රංජිත් රාජපක්‍ෂ

Related posts

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday