Colombo Today Local News

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ සිය ඉස්ලාම් රාජ්‍යයේ පළාතක් ස්ථාපිත කළ බව නිවේදනය කර තිබේ.

එය ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කර ඇතැයි ඔවුන්ගෙ අමාක් පුවත් වාර්තා පවසයි.

කාශ්මීරයේ ක්‍රියාත්මක ආයුද සන්නද්ධ සටන්කරුවන් සහ ඉන්දීය ආරක්ෂක අංශ අතර පසුගියදා ෂොපියාන් දිස්ත්‍රික්කයේ, අම්ෂිපෝරා නගරයේදී ඇති වූ දරුණු ගැටුම්වලින් පසුව ඔවුන් මෙම නව ඉස්ලාම් රාජ්‍යය පළාත ප්‍රකාශයට පත්කර ඇති බවද සඳහන් වෙයි.

එමෙන්ම, සිරියාව සහ ඉරාකය කෙනේද්‍ර කරගනිමින් බිහිකළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත රාජ්‍යය පසුගිය අප්‍රේල් මාසයේදී බිඳ වැටීමත් සමග ඔවුන් මේ ආකාරයේ නව ප්‍රහාර සහ නව ඉසව් වෙත සිය ජාලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දැක්වීමක් සිදුකර නොමැති අතර, මෑතකදී ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද අවදානම ඉහළ යෑම දක්වාම මෙම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියා හේතු විය.

පසුගියදා ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරමින් එල්ලකළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයද ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරක ජාලය දකුණු ආසියාව වෙත දිගුකළ අවස්ථාවක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

colombotoday

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර පහළොවක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

colombotoday

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday