Colombo Today Local News

“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමති

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය රටට ආශිර්වාදයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වැසි ඇදහැලීම වැඩිවන තරමට රටේ ආර්ථික වර්ධනයද වේගවත් වන බව පෙන්වා දෙන ඇමතිවරයා ජල විදුලිය නිශ්පාදනය කරන ජාලාශ පිරීයෑම නිසා, විදුලි නිෂ්පාදනයේදී ඛණිජ තෙල් සදහා වැයවන පිරිවැය විශාල වශයෙන් ඉතිරිකරගැනීමට හැකිවී තිබෙන බවද පවසයි.

කෙත් බිම යටවන නිසා ඒවා සරුසාර වන බවත්, තේ, පොල්, රබර් ඵලදාව වැඩිවී කෘෂි අපනයන ආදායම ඉහළ යන බවද ඇමතිවරයා සදහන් කරයි.

කෙසේ වුවද පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපා තිබෙන අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාව ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබෙන අතර, පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයක් අවතැන් වී තිබේ. පුද්ගල මරණ 16ක්ද වාර්තා වෙයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1960235627370019/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

Admin

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

colombotoday