Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය.

නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම විශේෂඥයන් පැවසුවේය.

වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි නොපැහැදිලි භාවිතයන්, මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන අවම වීම සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව මීට පෙර මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

නව පනත් කෙටුම්පත මගින් මෙම දෝෂ නිවැරදි නොවීම ඉතාමත් කණගාටුදායක කරුණක් බවද එම විශේෂඥයන් පැවසූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයට ඉතා සීමිත වෙනස්කම් කිහිපයක් පමණක් එක් කර තිබෙන බවත් නව පනත් කෙටුම්පත මගින් පොලිස් බලතල යම් ආකාරයකින් වැඩි කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවසා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නව පනත් කෙටුම්පතක අවශ්‍යතාවය හඳුනාගෙන තිබීම පිළිබඳව සතුටට පත්වන බවත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ධනාත්මක තැන් කිහිපයක් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.

Related posts

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday

Video : නටන එවුන් පරෙස්සමින් නටපල්ලා. ඉවසීමේ සිමාව ඉවරයි – ඥානසාර හිමි

colombotoday