බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (27) යලි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.
වකුගඩු ආශ්‍රිතව සැත්කමක් උන්වහන්සේට මීට ඉහතදී සිදුකරන ලද අතර පෙරේදා (25) යලි රෝහලට ඇතුලත් කරනු ලැබුවේ සැත්කමට පසු සිදුකල යුතු වෛද්‍ය පරික්ෂණයන් සදහායි.