Colombo Today Local News

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා නිලධාරී සුමිත් රණසිංහගේ බිරිඳගේ මෑණියන් නිවසේ ළිඳට පැන සියදිවි හානි කරගන තිබෙනවා.

නිවැසියන් පවසන්නේ පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයෙන් ඇප ලැබේයැයි තිබූ අපේක්ෂාව බිඳ වැටීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සිටි ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හාණිකරගෙන තිබුණේ හමන්ගල්ල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි ආර් පී මේරි මාතාවයි.

වැඩිමහල් දියණියගේ අධ්‍යාපනය පියාගේ බන්ධනාගාරගතවීම තුළ පහත වැටීමෙන් සැමියා බලාපොරොත්තු වූ ජනප්‍රිය පාසැලකට දමාගැනීමේ සිහිනය බොඳ වීම නිසා සිය මව නිවසේ නිරන්තරයෙන් හඬා වැටෙමින් දිවිගෙවූ බවයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳ පවසන්නේ.

Related posts

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday