Colombo Today Local News

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

 ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේස් රණතුංග මහතා අද (24) තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

තවද අද (24) උන් වහන්සේගේ ඇගිලි සටහන් ලබා ගැනීමටත් ජුනි 14 වැනි දා හඳුනා ගැනීම සහ දඬුවම් නියම කිරීමටත් මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මගින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත් වරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.

 

Related posts

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday