Colombo Today Local News

ගම්පොල සපත්තු කඩ හිමියාගේ ගෙදර ත්‍රස්ත පුහුණු කදවුරක්… ත්‍රස්තයින් සමග බෝම්බ ඇදුම් බෑගයක් සපත්තු කඩෙන් හමුවේ…

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයමින් සිටි තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙදෙනෙක් ගම්පොල පාවහන් වෙළෙඳසලක සැඟව සිටියදී පොලිසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක්ව සිදුකළ මෙහෙයුමකදී ඊයේ (28 දා) අලූයම අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් දෙදෙනා සමඟ එම සංවිධානයට සම්බන්ධව ආධාර අනුබල දුන් තවත් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රධාන සැකකරුවන් වන්නේ මොහොමඞ් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඞ් ඉබ‍්‍රාහිම් ෂාහිඞ් අබ්දුල් හක් නමැති සොයුරන් දෙදෙනායි.

මොවුන් මාවනැල්ල හිඟුල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඞීමට ද සම්බන්ධව ඇති මොවුන් දෙදෙනා එම සිද්ධියෙන් පසු අතුරුදන්ව සිට ඇති අතර, පසුව මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට සම්බන්ධව කටයුතු කරමින් ප‍්‍රධාන සැකකරුවන් බවට පත්ව ඇත.

මෙම දෙදෙනාගෙන් මල්ලී වන සාදික් අබ්දුල්හක් සිරියාවේදී යුද පුහුණුව ලැබූ අයකු බවටත්, ඔහු තුර්කිය හරහා සිරියාවට ගොස් දින 58 ක් එම රටේදී පුහුණුව ලබා ඇති බවත් පරීක්‍ෂණ කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අනුරාධපුර සිට වෑන් රථයකින් ගමන් ගත් බවට පොලිස් අධිකාරි චූලනී වීරරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව දුරකථන සංඥා කුලූනු පරීක්‍ෂාවකදී නාවලපිටිය ප‍්‍රදේශයේ සංඥා නිකුත් වීම මත චූලනී වීරරත්න මහතා විසින් මේ බව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සුජීව ද සොයිසා මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව නාවලපිටිය හෙල ගොරකා ඔය ප‍්‍රදේශයේ පදිංචි දුරකථන වෙළෙඳසලක හිමිකරුවකු වන 23 හැවිරිදි තරුණයකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මොවුන් ගම්පොල ප‍්‍රදේශයේදී වෑන් රථයකින් බැස්ස බව ප‍්‍රකාශ කොට ඇත.

ඒ මෙහි ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ නැන්දා හා මාමා සිටින නිවස බව හඳුනා ගෙන නාවලපිටිය පොලිස් කණ්ඩායමක් රාත‍්‍රියේම ගම්පොලට පැමිණ ඇත.

ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, සහකාර පොලිස් අධිකාරිවරුන් වන රාජපක්‍ෂ, යූ. බී. පලිහවඩන, චන්‍ද්‍රසේන බණ්ඩාර, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ආර්. ජයන්ත යන මහත්වරුන් සමග එක්ව සැලසුමක් සකස් කොට යුද හමුදා ගම්පොල රයිෆල් බළකාය හා විශේෂ කාර්ය බළකා ගම්පොල කඳවුර සමඟ එක්ව වැටලීම සිදු කොට තිබේ.

මඩකලපුව සමන්තුරේ මෙන් ප‍්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකය මත සන්නද්ධ කණ්ඩායමක් ලෙස වැටලීමට සූදානම් වූ පරීක්‍ෂණ කණ්ඩායම මෙම පාවහන් වෙළෙඳසලේ හිමිකරුවා වන ගම්පොල මහනුවර මාර්ගයේ (සාලියාල පන්සල අසල) නිවසට ගොස් එහි සිටි කඩ හිමියා සමඟ වෙළෙඳසලට ගොස් තිබේ.

මෙම කඩ හිමියා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා වෙළෙඳසල තුළට දමා පිටතින් අගුළු දමා ගොස් තිබූ අතර අගුළු හැර වැටලීම කරන විට සැකකරුවන් දෙදෙනා වෙළෙඳසලේ තුන්වන මහලෙන් පැන යෑමට උත්සහ දරා තිබේ.

පසුව අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඉහළ මහලේ වතුර ටැංකියක් ළඟ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් (බෑගය) තිබී සොයාගෙන තිබේ.

පුපුරන ද්‍රව්‍ය කිසිවක් මෙහි නොතිබුණත් මෙහි සිට එම ද්‍රව්‍ය ලැබුණු පසු ගම්පොල දී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම වී තිබූ බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා වෙළෙඳසල තුළ සිටියදී මොවුන්ගේ මාමා වන කඩ හිමියා රාත‍්‍රි ආහාර ගෙනවිත් තිබූ බව සොයාගත් අතර ඔවුන්ට එම ආහාර ගැනීමට ද නොහැකි වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ගම්පොල ප‍්‍රධාන පාසලක ස්වෙච්ඡුා ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම කඩ හිමියාගේ නිවස තව්හිද් ජමාත් සංවිධානයේ දේශන හා පංති පැවැත්වීමට ද යොදා ගෙන තිබු බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම සංවිධානයේ ප‍්‍රධාන පුහුණු කිරීම් මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පැවැති අතර මේ අසල ඇති ගම්පොල සහිරා පාසලේ සිසුන් මෙම ස්ථානයේ පංතිවලට පැමිණ ඇති බව සැක කෙරේ. ඒ සඳහා එම විiාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ සැකකරු කටයුතු යොදා ඇති බවට ද සැක කෙරේ.

කෙසේ නමුත් ස්වෙච්ඡුා ගුරුවරයකු ලෙස මෙම පාසලට මොහු බඳවාගෙන ඇත්තේ පාසල් සංවර්ධන සමිතිය ද ආදි ශිෂ්‍ය සංගමය ද යන්න හා වෙනත් අයකු ද යන්න සොයා ගැනීමට පරීක්‍ෂණ අරඹා තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් සාදික් අබ්දුල් හක් පැමිණ ඇත්තේ සිල්වා ලෙස සිංහල නමකින් හැඳුනුම්පතක් ද සකස් කරගෙන බව පරීක්‍ෂණ කණ්ඩායම හෙළි කරගෙන ඇත.

සාහිඞ් නමැති සැකකරුගේ බිරිඳ මාවනැල්ල ප‍්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, මෙම සැකකරු ඇය ඔහුගේ බිරිඳ බව හෙළිකර ඇත. මොහුගේ තවත් බිරිඳක් සමන්තුරේ ප‍්‍රහාරයේදී මියගිය බව ද පවසා ඇත.

මොවුන් පැමිණි වෑන් රථය නාවලපිටිය කරහදුන්ගල ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර තවත් සැකකටයුතු දේපළ රැසක් සොයාගෙන ඇත.

ගම්පොල – සුරංග දිල්හාන් April 29 2019 දිවයින

https://www.facebook.com/NewsfirstSL/videos/419350338614050/

Related posts

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

colombotoday

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

colombotoday