Colombo Today Local News

Facebook සාදයක් වටලයි.. 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවේ

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09)දින සවස 4.30ට පමණ බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි.

එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති 5ක් පොලිස් බාරයට ගැණිනි.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිල්ලනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10)දින හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday

කොළඹ වරාය නගරය ලංකා ආර්ථිකයේ කෙන්ද්‍රස්ථානය බවට පත්කරනවා – “පෝර්ට් සිටී” බලන්න ගිය අගමැති කියයි

colombotoday

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

වෙළඳ අමාත්‍යංශයෙන් දුන් කොස් කැලේ කඩ ඉවත් කරන්න වන සංරක්ෂණයෙන් නඩු. කොරෝනා අස්සේ අහිංසක මිනිසුන් කබලෙන් ලිපට.

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday