Colombo Today Local Newsfeatured

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ප්‍රහාරය හෙළා දකිමින් බොදු බල සේනා සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය – 2022 පෙබරවාරී 4

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ ජාතික නිදහස් දින සැමරුමට එල්ලවූ වහබ් අන්තවාදී ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

දුම්මලසුරිය යගම්වෙල මස්ජිදුල් අක්බර් ප්‍රධාන පල්ලිය පරිශ්‍රයේ අද දින පැවැත්වූ 74 වෙනි ජාතික නිදහස් දින උත්සව සැමරීමට වහබ්වදීන් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ. එක ජාතියක් ලෙස ජීවත් වීමට කැමති සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විසින් මෙම නිදහස් උත්සවය සංවිධානය කර තිබූ අතර ජාතික කොඩිය ඔසවා, ජාතික ගීය වාදනය කර නිදහස් දින සැමරුම පවත්වන ලදි. උත්සවය අවසන් වනවාත් සමගම එම ස්ථානයට පැමිණි වහබ්වාදීන් පිරිසක් විසින් ජාතික කොඩිය පවා බිම දමමින් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පහර දී ඇත.

ජාතික වැදගත්කමකින් යුතු උත්සවයක් පැවැත්වීම හේතුවෙන් වහබ්වාදීන් විසින් සිදුකර ඇති මෙම ප්‍රහාරය බොදු බල සේනා සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

පහර දීම හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වන අතර එකම රටක් තුල එකම ජාතියක් ලෙස ජීවත්වීමට කැමැත්තක් දක්වන මුස්ලිම් ජනතාව ඉලක්ක කර වහබ්වාදීන් විසින් බලහත්කාරය සහ අන්තවාදය මුදා හැරීම නැවත්වීමට බලධාරීන් වහා ක්‍රියාමාර්ග ගත යුතුය.

ගරු කළ යුතු සහ වැඳුම් ලැබිය යුතු එකම පුද්ගලයා “අල්ලාහ්” දෙවියන් ලෙස සඳහන් කරමින් වහබ්වාදීන් විසින් මීට ඉහතදී ශ්‍රී ලංකා ජාතික ගීයට ගරු නොකළ යුතු බවට පවා දේශනා සිදුකර ඇත. එවැනි තත්වයක් තුල ඊට විරුද්ධව ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ලෙස සිතා ක්‍රියා කරන ජනතාව ඉලක්ක කර රටේ නීතියට අභියෝග කරමින් පහරදීමට පෙළඹීම රටේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත තත්වයක් මතු කරන තත්වයකි.

පාස්කු දින එල්ලවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයෙන් පසුව තවදුරටත් වහබ් මතවාදය රට තුල ව්‍යාප්ත වෙමින් පවතින බවට මෙම සිදුවීම නිදසුනක් සපයයි. සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් එසවූ ජාතික කොඩිය බිම හෙළීම මගින් වහබ්වාදීන් ජාතික සමගියට හා සංහිදියාවට එරෙහිව අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව පැහැදිලි ය. ජාතික ඒකාග්‍රතාවයේ සළකුණ වන ජාතික කොඩිය බිම හෙළීම සිදුකළ වහබ්වාදී අන්තවාදීන් හට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වනු ඇති බව ද, අන්තවාදයට එරෙහි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට නීතියේ උපරිම රැකවරණය ලැබෙනු ඇති බවද බොදු බල සේනා සංවිධානය දැඩිව විශ්වාස කරයි.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

අන්තර්කාලීන නායකයෙකුට එජාපයෙන් විරෝධයක්.. නවීන්ගේ සහය වජිරට

colombotoday

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

බදියුදීන් අවසාන මොහොතේත් දූෂණයක.. ඡන්දය දා පුත්තලමෙන් සෙනග අදින්න රජයේ මුදල් ලක්ෂ 95ක් වියදම් කරලා…

colombotoday