Colombo Today Local NewsUncategorized

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග අද(19) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසන පරිදි පෙරවරු 11.00 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාව පැවැත්වේ.

එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද පස්වරුවේ රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35‍,000 ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

Related posts

බිමත් උද්ඝෝෂකයෝ විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දෙයි

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීමට අනුමැතිය

Admin

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday