World

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය කඩා වැටී ඇති බව ය.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි.

අනතුරින් පුද්ගලයින් 3 න් දෙනෙකු දිවි ගලවාගෙන ඇතත් ඔවුන් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා පවසයි.

යානය අනතුරට ලක්වන විට කියුබානු ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු සහ මෙක්සිකානු ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඒ තුළ සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin