Covid 19

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් ඊයේ (02) පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී තිබේ.

ඊට යුක්‍රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්වී ඇත.

ඔවුන් ඉකුත් 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි සංචාරක කණ්ඩායමට අයත් පිරිසකි.

සංචාරයේ නිරත වු යුක්‍රේන ජාතිකයින් කිසිවෙකු මුඛ ආවරණ පැළඳ නොසිටි ආකාරය එහිදී දක්නට ලැබුණි.

ඒ අතර යුක්‍රේන ජාතිකයින් සංචාරයට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු ඊයේ රාත්‍රියේ දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.

සෆාරි ජීප් රථ රියදුරන්ගෙන් ඊට එල්ල වී තිබුණේ දැඩි විරෝධයකි.

“සෆාරි ගිහින් ආවට පස්සෙ තමයි යුද හමුදාවෙන් ඇවිත් අපිව අරන් යන්නෙ. අපි කිසිදෙයක් දන්නෙත් නෑ. දන්නවා නම් අපි එන්නෙත් නෑ. සුද්දෝ රට වටේම ඇවිදිනවා. අපිව කොටු කරනවා,” යනුවෙන් සෆාරි ජීප් රථ රියදුරන් එහිදී පැවසීය.

Related posts

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

කොවිඩ් මරණ ගණන 217කට නගී

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි | දැනට කොරෝනා ආසාදිතයින් 3,051ක්

colombotoday