Colombo Today Local News

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

දිවයින පුරා පොල් පැළ හිඟයක් පවතින බව අනාවරණය වේ. පොල් මිල ඉහළ යාමත් සමග බොහෝ දෙනකු සිය ගෙවතුවල පොල්පැළ සිටුවීම නිසා පොල් පැළවලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස පැළ හිඟයක් ඇතිව තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් තවාන් 39 කින් පොල් පැළ නිකුත් කිරීම සිදු කෙරේ.

මෙරට වාර්ෂික පොල් පැළ ඉල්ලුම ලක්ෂ 15 ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී මානෙල් කුලරත්න පැවසුවාය.

සෞභාග්‍යා ගෙවතු ඇතුළුව මේ වසරේ (2021) පොල් පැළ අවශ්‍යතාව ලක්ෂ 35 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

ඉකුත් වසරේ පැවැති කොරෝනා තත්ත්වයත් සමග පොල් පැළ සඳහා ඉල්ලුම වැඩිවූ බවත්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් ඉකුත් වසරේදී පොල් පැළ දහනව ලක්ෂ තිස් දහසක් නිකුත් කරනු ලැබූ බවද ඇය සඳහන් කළාය.

Related posts

මැකො ටත් ආතතිය හැදෙයි… ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday