Colombo Today Local News

රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව – අයිතිකරු කොටියෙක්‌…

කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම කලක පටන් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර එය වඩාත් බහුලව දකින්නට ලැබෙන්නේ උතුර නැගෙනහිර දෙපළාතේ සහ කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙනය. ඒ අනුව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ මේ හරහා විවිධ රූපවාහිනි නාලිකා නරඹන්නේය. බහුල ලෙස ඉන්දියාවේ විකාශනය කරනු ලබන විවිධ රූපවාහිනි නාලිකා මෙරට තුළදී නැරඹීමේ හැකියාව කේබල් රූපවාහිනි නාලිකා ඇති නිවෙස්‌ හිමියන්ට හැකි වීම හේතුවෙන් මෙරට ද්‍රවිඩ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්‌ තම විනෝදාස්‌වාදය පිණිස කේබල් රූපවාහිනි සේවාව ලබා ගැනිමට වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේය.

මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

cable3කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්‌ය.

රටක්‌ තුළ යම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමේදී අනුගමනය කළ යුතු නිතිරීති පද්ධතියක්‌ පවතින අතර කුමන හෝ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමේදී එම නිතිරීතිවලට යටත්ව ඒවා පවත්වාගෙන යැම සාමාන්‍ය තත්ත්වයක්‌ය. ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම පිණිස මේ දිනවල රටේ ප්‍රධාන ජනමාධ්‍ය මගින් දැන්වීමක්‌ පවා පළකරනු ලබන්නේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්‌ව පළකරනු ලබන එම දැන්වීම මගින් බදු වගකීමක්‌ නොව සමාජ යුතුකමක්‌ය.” යනුවෙන් රටේ ජනතාව දැනුවත් කරමින් පවතින වටපිටාවක එම නියමයට පිටුපාමින් සහ රටේ නිතිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරද බොහෝය.

මෙතැන් සිට හෙළිදරව් කරනු ලබන්නේ මෙරට තුළ පිහිටි කේබල් රූපවාහිනි නාලිකා කීපය අතරින් මහා බදු මුදල් වංචාවක්‌ සිදු කරමින් තවදුරටත් පවත්වාගෙන යනු ලබන එක්‌ කේබල් රූපවාහිනි නාලිකාවක්‌ පිළිබඳව “ඇත්ත” කථාවක්‌ය.

කේබල් රූපවාහිනි නාලිකාවක්‌ පවත්වාගෙන යැමේදී අනුගමනය කළ යුතු නිතිරීති හා ක්‍රියාපටිපාටිය ඉහතින් සඳහන් කළෙමු. මෙම හෙළිදරව්වට අදාළ කේබල් රූපවාහිනි සේවාව එම නියමයන්ට යටත්ව සිය විකාශනය ආරම්භ කරන අතර එය මහා පරිමාණ බදු මුදල් වංචා හා තවත් වංචනික බොහෝ දේ සිදු කරනු ලබන ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත්තේ සිය විකාශන සේවාව ආරම්භ කොට කලක්‌ ගතවීමත් සමගය.

හෙළිදරව් වෙමින් පවතින තොරතුරුවලට අනුව මෙහි හිමිකාරීත්වය උසුලනු ලබන්නේ කොටි හිතවාදියෙකු වන ද්‍රවිඩ ජාතික පුද්ගලයෙක්‌ය. මේ වන විට මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්‍ෂ පනස්‌ දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක්‌ ගෙවිය යුතුය. එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක්‌ සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්‌ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්‌ද දිගින් දිගටම සිදු කරමින් ඇත.

cable2ඒ අනුව අදාළ සමාගම මගින් සිය විකාශන කටයුතු සිදු කරනු ලබන හලාවත, මන්නාරම ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ කීපයක තම විකාශන මධ්‍යස්‌ථාන ස්‌ථාපිත කොට ඇත. එවැනි මධ්‍යස්‌ථාන පිහිටුවීමේදී අදාළ ආයතනය විසින් බලපත්‍ර නිතිරීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා නඟමින් වෙනත් පාර්ශවයක්‌ විසින් නිතිය හමුවට ගොස්‌ ඇතත් ඒ පිළිබඳව මේ වන තෙක්‌ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වා නොමැත. එපමණක්‌ නොව විකාශන මධ්‍යස්‌ථානවල ස්‌ථාපිත කර ඇති විදුලි සංදේශ උපකරණ නිසි බලපත්‍රයක්‌ යටතේ ආනයනය කළ හෝ මිලට ගත් උපකරණ බවට සනාථ කිරීමට පවා අදාළ ආයතනය අපොහොසත් වී ඇත.

මේ සම්බන්ධව කේබල් රූපවාහිනි නාලිකා හිමි වෙනත් ආයතන පවසා සිටින්නේ එවැනි තත්ත්වයක්‌ තුළ අදාළ ආයතනය විසින් ඉදිරියේදී තම විකාශන කටයුතු පවත්වාගෙන යැම පිණිස බලපත්‍ර අලුත් කිරීමේ වෑයමක නිරතව සිටින බවත් එවැනි තත්ත්වයක්‌ තුළ නියමිත බදු මුදල් ගෙවමින් සහ නීත්‍යනුකූල අයුරින් පවත්වාගෙන යනු ලබන තම ව්‍යාපාර කටයුතුවලට බලවත් අසාධාරණයක්‌ සිදු වෙමින් පවතින බවත්ය. තම ආයතන විසින් උපයන ආදායම මත 44% බදු මුදල් රජයට ගෙවමින් නිවැරදි ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී එක්‌ ආයතනයක්‌ පමණක්‌ එම නියමයන් උල්ලංඝනය කිරීම මුළුමනින්ම රජය නොමඟ යෑවීමක්‌ බව පෙන්වා දෙන ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ දිගින් දිගටම විදුලි සංදේශ නියාමන කොමිසම නොමඟ යවමින් කටයුතු කර ඇති අදාළ ආයතනය ඉදිරි වර්ෂ පහ සඳහා තම බලපත්‍රය අලුත් කර ගැනිම පිණිස මේ වන විටද කටයුතු කරමින් සිටින අතර අනෙකුත් කේබල් රූපවාහිනි විකාශන ආයතන පෙන්වා දෙන්නේ යම් හෙයකින් එය සාර්ථක වුවහොත් ඒ හරහා රජයට අතිවිශාල බදු වංචාවක්‌ කළ ආයතනයකට එය තව දුරටත් පවත්වාගෙන යැම පිණිස රජය විසින්ම යම් අනුබලයක්‌ සැපයීමක්‌ ලෙසින්ය.

රාජ්‍ය ආයතන හා නිලධාරීන් එක්‌ව එවැනි දේ සඳහා දිගින් දිගටම අනුබල දීම නොකළ යුත්තක්‌ බවත් මෙවැනි ආයතන පවත්වාගෙන යැමේදී ජනාධිපතිවරයාගේ පවා නිසි අවසරය ලබා ගත යුතු බවත් පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත හෝ මේ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතු බවය. මේ පිළිබඳව අද වන විට අපරාධ පරීක්‍ෂණ කණ්‌ඩායම් විසින් පවා තොරතුරු රාශියක්‌ හෙළි කරගෙන ඇති බැවින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා එම තොරතුරුද ඉවහල් කරගත හැකි බව ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ තුළ පවතින මතයක්‌ වී ඇත.

Related posts

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයේ නිවාඩු නිකේතනයකින් සොයාගැනේ

colombotoday

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday