Colombo Today Local News

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ අද (05) රාත්‍රියේ පුද්ගලයෙකු මිය යාමත් සමගින් නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

අද රාත්‍රි 8.30ට පමණ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ, ඉංගිරියේ සිට බුලත්සිංහල දෙසට ධාවනය වූ යතුරු පැදියක පුද්ගලයෙක් ගැටී තිබිණි.

අප වාර්තාකරු සඳහන් කළේ පාරමාරු වෙමින් සිටියදී මෙම පුද්ගලයා යතුරු පැදියේ ගැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු බව.

අනතුරුව ප්‍රකෝප වූ ප්‍රදේශවාසින් යතුරුපැදියට ගිනි තබා තිබිණි.

පොලීසිය මැදිහත් වී ගින්න පාලනයට උත්සාහ දැරුව ද ඒවන විටත් යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී තිබූ වාර්තා වී තිබිණි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යතුරුපැදිකරු බුලත්සිංහල පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරින් මියගියේ හල්වතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකි.

Related posts

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

“අහසින් එහා” අරන් හරීන් එයි..

colombotoday