Colombo Today Local News

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පෙරේදා (10) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූයේය.

ඇමරිකානු තානාපතිවරයා කොළඹ විජේරාම හි පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී පැය එකහමාරක පමණ කාලයක් සුහද කතාබහක නිරතව ඇතැයි ද වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු තානාපතිවරයාගේ සාකච්ඡාවට වෙනත් කිසිවෙක් සහභාගි වී නැති අතර එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවීම ද විශේෂත්වයකි.

තානාපතින්ගේ නිල කාලය අවසන් වෙද්දී රටේ නායකයන්ට සමුදීම සම්ප්‍රදායක් වන   හෙයින් ඇමෙරිකානු තානාපතිවරයා ද එම සම්ප්‍රදායට අනුගත වන්නට ඇතැයි කියැවෙයි.

Related posts

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday