Colombo Today Local News

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය පවසයි.

සුවසැරිය-” 1990 – ” ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්හිටුවීම කර ඇතැයි වාර්තාවේ.

එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිනිස රැදී සිටීමට සිදුව ඇති පොලිස්ථාන ඇතුලු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුලු පවතින ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 – සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25)දින රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය සදහන් කළාය.

Related posts

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

සේවකයකු ලවා ගිනි අවි සැගවීමට හදයි…. මාම් බිස්කට් මුස්ලිම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට….

colombotoday

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday