Colombo Today Local NewsTop Stories

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය.

අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න  පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට  වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.

අද පාර්ලිමේන්තුව ගියත් මට කනගාටුයි. ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා, මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරු වලට යන්නේනේ. ඒ නිසා ඔබලාගේ දරුවෝ හොඳට හදන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ.

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday

අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩක් වෙලා නෑ.. ජනපතිගෙන් අකිලට රතු එළියක් !!

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

colombotoday