Colombo Today Local News

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

mithrepala 23

මෙරට වෙසෙන සියළු ජනතාවට සියළු පහසුකම් සමානව බෙදී යා යුතු බවත්, තමන්ට බලය දුන්නේ එලෙස ප්‍රදේශ සහ ජාතීන් අතර ඇති පරතරය වෙනස් කර සමානාත්මතාවය ගොඩ නැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සතුටින් සිටීමට හැකිවන්නේ දමිළ, මුස්ලිම් ජනතාවට ඇති ප්‍රශ්න විසදුවහොත් පමණක් බවත්, එලෙස එම ජනතාවගේ ගැටළු විසදමින් යුතුකම් ඉටුකරද්දී තමා රට බෙදීමට සූදානම්වන බව දකුණේ අන්තවාදීන් පවසන බවද ජනාධිපතිවරයා පවසයි.

ජාති ආගම් භේද අතහැර සියළු දෙන රට ගොඩනැගීමට එක්විය යුතු බවද, එසේ නොවුණහොත් සියළු දෙනාට නැවත වරක් කදුලු හෙලන්නට සිදුවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Related posts

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

රුපියෙලේ අගය ඉහලට

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday