නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි Chris Hipkins දිවුරුම් දී තිබේ.
හිටපු අගමැතිනි Jacinda Ardern ගේ ඉල්ලා අස්වීමෙන් සතියකට පසුව නිල වශයෙන් මෙම දිවුරුම් දීම සිදු කර තිබේ.
Chris Hipkins නවසීලන්තයේ කොවිඩ් -19 වසංගතය පැවති කාලයේ එය මැඩලීමට නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු අද (25) දිනයේ සිය පළමු කැබිනට් රැස්වීම පවත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.