Colombo Today Local News

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

sght33කලක් මාතර දෙවැනි ස්වේච්ඡා ගැමුණුහේවා යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරියාව සිටි කපිතාන් ”භාරත කොඩිතුවක්කු” ට පසුගිය 30 වන දා රාත්‍රී 7.50 ට පමණ මැස්ඩා වර්ගයහි සුදුපැහැති වාහනයකින් පැමිණී පිරිසක් විසින් මාතර වැල්ලමඩම පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී ටී 56 වර්ගයහි තුවක්කුවක් භාවිතාකොට වෙඩිතබා ඇත.

නමුත් එම අවස්ථාවහිදී අදාල ගිනි අවිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා ඔහු රුහුණු විශ්වවිද්‍යාලය තුලට දිවගොස් ජීවිතය රැකගැනීමට සමත්ව ඇත. එම අවස්ථාවහි විශ්වවිද්‍යාලයහි ප්‍රධාණ ආරක්ෂක කුටියහි සිටි නිළධාරින්ද මේ සිද්ධිය ඇසින් දුටු අතර ඔවුන් පවසන්නේ ගිනි අවිය කිහිප වතාවක්ම ට්‍රිගර් කල ද එය සිරවීම නිසා වීමට ගිය ජීවිත හානියක් වැලකී ගිය බවයි.

මොහොතකට පසුව ගන්දර පොලීසිය පැමිණ කපිතාන්වරයා වෙනත් වාහනයක නංවා ආරක්ශා සහිතව රැගෙන ගොස් ඇත. පසුව පෙරේදා (31) උදෑසන 9.15 ට පමණ ,දෙවිනුවර ”කුරුදුවත්ත කනිෂ්ඨ විද්‍යාලයහි” ක්‍රීඩා පිට්යහි දී සැකකරුවන් පැමිනි වෑන් රථය ගන්දර පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇති අතර, දැනට සැකකරනුයේ සැකකරුවන් වෙඩිතැබීමෙන් පසුව ක්‍රීඩා පිටියට රාත්‍රී පැමින මදුවිත භාවිතාකොට ඇතිබවටයි, මෙම වැන් රථය පණ ගැන්වීමට උත්සහ කරඇති නමුත් වෑන් රථය පනගැන්වීමට නොහැකිවූ නිසා සැකකරුවන් එයද දමා පැනගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

මාතර යුධ හමුදා ඒකකයෙහි කලක් සේවය කර යමි සිද්දියකට බන්ධනාගාර ගතවසිට පැමිණඇති කපිතාන්වරයා දැනට වැඩ තහනමකට ලක්වසිටින අතර පසුගිය රජය සමයේ ප්‍රදේශයෙහි යම් සිද්ධීන් කිහිපයක් සම්බන්දයෙන් කතාබහට ලක්ව ඇති අයකුවේ. ඔහු නිදන් හැරීම, පුද්ගලයන්ට පහරදීම්, පැහැර ගැනීම් ආදී සිද්ධීන් රැසකට චෝදනාවට ලක්ව අධිකරණයේ ඇප ලබා පැමිණ අයෙකු බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

ජෙහාන් අප්පුහාමිට ඇප

colombotoday

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin